සජිත් ප‍්‍රතිපත්ති ප‍්‍රකාශණයෙන් ඇමරිකානු මිලේනියම් ගිවිසුම පිලිගනි.. ජිනීවා යෝජනාවලියත් පිලිගනී - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, November 1, 2019

සජිත් ප‍්‍රතිපත්ති ප‍්‍රකාශණයෙන් ඇමරිකානු මිලේනියම් ගිවිසුම පිලිගනි.. ජිනීවා යෝජනාවලියත් පිලිගනී

ව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ඇමරිකානු මිලේනියම් ගිවිසුම පිළිගෙන ඇති බව ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප‍්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහතා පැවසීය.

ඊයේ දිනයේ එලි දක්වන ලද සජිත් පේ‍්‍රමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ‘ත‍්‍රිකුණාමලයේ සිට කොළඹ දක්වා වූ ආර්ථික කොරිඩෝවක්’ යන්න ඇති බවත් එය තනිකරම ඇමෙරිකානු මිලේනියම් ගිවිසුමේ එකඟතාවය බවත් ඔහු සඳහන් කළේය.

මෙන්ම එම ප්‍රතිපත්ති ප්‍රකාශනය මගින් ජිනීවා යෝජනා පිළිගන්නා බවද සඳහන් වී ඇතැයිද පැවසූ මුසම්මිල් මහතා ජිනීවා යෝජනාවලිය යනු රණවිරුවන් යුද අධිකරණය වෙත ගෙනයාම ඇතුළු කලක් තිස්සේ මෙරට දේශප්‍රේමී විරුද්ධ වූ යෝජනාවලිය බවද පැවසීය.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් පැවති ජනාධිපතිවරණ ජනරැුළියක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

No comments:

Post a Comment

Post Bottom Ad