මෛත්‍රී යළිත් ශ්‍රීලනිප නායකත්වයට ! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, November 14, 2019

මෛත්‍රී යළිත් ශ්‍රීලනිප නායකත්වයට !

නාධිපතිවරණයේ ප්‍රතිඵල නිකුත් වූ පසු වහාම මෛත්‍රීපාල සිරිසේන නැවතත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති ධුරයේ කටයුතු කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ වැඩබලන සභාපති මහාචාර්ය රෝහණ ලක්‍ෂ්මන් පියදාස පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ආසන සංවිධායකයින් ගෙන් අති බහුතරයක් 'පොහොට්ටු' පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ගෝඨාබය රාජපක්ෂට කිසිඳු ලෙසකින් සහය නොදිය යුතු බවට දැඩි බලපෑමක් එල්ලකර තිබිය දී, ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායම ප්‍රමුඛ මධ්‍යම කාරක සභාව සිය තනතුරු වරප්‍රසාද වෙනුවෙන් 'පොහොට්ටු' අපේක්‍ෂකයාට සහයෝගය ලබාදීමට ගත් තීරණයත් සමඟ ජනපති මෛත්‍රිපාල සිරිසේන මැතිවරණ සමයේ දී ස්වාධීනව සිටීමට තීරණය කර සභාපති ධුරයෙන් ඉවත්වී එම ධුරයේ රාජකාරි කටයුතු ආවරණය කිරීම මහාචාර්ය රෝහණ ලක්‍ෂ්මන් පියදාස වෙත පවරනු ලැබිය.

ජනාධිපතිවරණයෙන් පසු පක්‍ෂයේ ඉදිරි කටයුතු කරගෙන යෑම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කටයුතු කරනු ඇතැයිද වැඩබලන සභාපතිවරයා සඳහන් කළේය.

එහිදී ඔහු  ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේ සිට පක්ෂයේ ඉදිරි කටයුතු සිදුකරනු ඇති බවද වැඩබලන සභාපතිවරයා පැවසීය.


No comments:

Post a Comment

Post Bottom Ad