පසුගිය දිනවල සමාජ මාධ්‍ය ජාල තුළ සංසරණය වූ, තමන් මහනුවර මුස්ලිම් නියෝජිතයින් අමතන රැස්වීමේදී තමන් ප්‍රකාශ කළේ මුස්ලිම් ජනතාව සියයට විසි පහක්වත් ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්දය ප්‍රකාශ නොකරන්නේ නම් ඔවුන්ගේ ඉල්ලීම් රැගෙන තමන් හමුවට නොපැමිණෙන ලෙස බව මහින්දාන්ද අලුත්ගමගේ මහතා පවසයි.
අදාළ සිදුවීම සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කර තිබේ.
"අද දිනයේ සමාජ මාධ්‍ය ජාලා පිටු කිහිපයක සඳහන් කරලා තියෙනවා ගෝඨාභය රාජපක්ෂ මහතාට මහනුවර දිස්ත්‍රික්කයේ ඡන්ද තියෙන්නෙ 10%යි ඒක 25% දක්වා වැඩිකරලා දෙන්න කියලා මුස්ලිම් ජනතාවට පාසලක් හදලා දෙනවා කියලා ප්‍රකාශයක්. මේක මේ පිටු මඟින් තමයි කරන්නෙ පහුගිය කාලෙ පුරාම මේ මඩ ප්‍රචාරය අරගෙන ගියා.
මම ඒකෙ පැහැදිලිව කියන්නෙ, පසුගිය පළාත් පාලන මැතිවරණයේ මහනුවර දිස්ත්‍රික්කයේ මුස්ලිම් ජනතාව අපට ඡන්දෙ දුන්නෙ 10%යි. නමුත් තමුන්නාන්සෙලා අපි ගාව වැඩ කරවාගන්න එනවා. ඒනිසා 25%ක්වත් අපට ඡන්දෙ දෙන්නෙ නැතුව මගෙ ළඟට එන්න එපා ! අපට ඔබේ ප්‍රශ්න කියන්න එපා ! කියන එක තමයි මම මුස්ලිම් ජනතාවට කිව්වෙ. ඒ සම්පූර්ණ කතාවෙදි මම එහෙම තමයි සඳහන් කරලා තියෙන්නෙ.
facebook පිටු මගින් සංස්කරණය කර අදහස වෙනස් කලයි චෝදනා කරන වීඩියෝව පහතින්
Sunday, November 10, 2019
සීයට 25ක්වත් නොදී ප්‍රශ්න කියන් එන්න එපා ! - මහින්දාන්ද අලුත්ගමගේ
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment