සීමා නිර්ණය නැතිව පලාත් සභා මැතිවරණය බෑ.. නීතිපති අධිකරණයට දන්වයි.. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව රහසින් ජනපතිට ! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, August 24, 2019

සීමා නිර්ණය නැතිව පලාත් සභා මැතිවරණය බෑ.. නීතිපති අධිකරණයට දන්වයි.. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව රහසින් ජනපතිට !

සීමා නිර්න වාර්තාව නොමැතිව පළාත් සභා ඡන්දය පැවැත්වීමට නොහැකි බව නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා තිබේ.

එමෙන්ම පැරණි ක්‍රමය යටතේ පළාත් සභා මැතිවරණය පැවැත්විය නොහැකි බවද නීතිපති වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජනරාල්වරයා අධිකරණය හමුවේ දැනුම් දෙනු ලැබීය.

පළාත් සභා ඡන්දය පැවැත්වීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් අධිකරණයෙන් සිදු කරන ලද මතවිමසීමේ දී ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මේ බව නීතිපතිවරයා විසින් දන්වනු ලැබීය.

ඒ අනුව ජනාධිපතිවරයාගේ ඉල්ලීම පිළිබඳ විභාගය අවසන් කරමින් එහි තීන්දුව රහසිගතව ජනාධිපතිවරයා වෙත දන්වා යැවීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පංච පුද්ගල විනිසුරු මඩුල්ල තීරණය කර ඇත.

මෙම පෙත්සම විභාගයට ගත් අවස්ථාවේ ඒ සම්බන්ධයෙන් පෙනී සිටි සියලුම පාර්ශ්වයන් එක් අදහසක සිටීම විශේෂත්වයකි.


No comments:

Post a Comment

Post Bottom Ad