පක්ෂ විපක්ෂ සියළු මුස්ලිම් දේශපාලනඥයින් හා අගමැති අතර විශේෂ සාකච්ඡාවක් අද - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, July 28, 2019

පක්ෂ විපක්ෂ සියළු මුස්ලිම් දේශපාලනඥයින් හා අගමැති අතර විශේෂ සාකච්ඡාවක් අද



පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ විපක්ෂ සියළු මුස්ලිම් දේශපාලනඥයින් හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අතර විශේෂ සාකච්ඡාවක් අද පැවැති වීමට නියමිතව තිබෙනවා.

ඒ, දිගන, අම්පාර සහ කුරුණෑගල ඇතුළු ප්‍රදේශ කිහිපයක ඇති වූ සිද්ධීන්වලදී පීඩාවට පත් ඇතැම් ජනතාවට වන්දි අහිමි වීම පිළිබඳව අග්‍රාමාත්‍යවරයා දැනුවත් කිරීම සඳහායී.

අද පස්වරු 4 ට අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍යවරයා හමුවී ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිත බවයි ජ්‍යෙෂ්ඨ මුස්ලිම් මන්ත්‍රීවරයෙකු  සඳහන් කළේ.

එමෙන්ම, අමාත්‍ය ධූරවලින් ඉවත් වූ මුස්ලිම් මන්ත්‍රීවරුන් යළි එම ධූරයන් හි දිවුරුම් දීම පිළිබඳව මෙතෙක් නිශ්චිත තීරණයකට එළැඹ නොමැති අතර, ඒ සම්බන්ධයෙන් සියළු මුස්ලිම් මැති ඇමතිවරුන් එක්ව ඉදිරියේදී සාකච්ඡා කරන බවයි ඔහු තවදුරටත් කියා සිටියා.

පසුගියදා අමාත්‍ය ධූරවලින් මුස්ලිම් මන්ත්‍රීවරුන් 09 දෙනෙකු ඉවත් වූ අතර, කබීර් හෂීම් සහ අබ්දුල් හලීම් යන මන්ත්‍රිවරුන් දෙදෙනා යළි ඔවුන් පෙර දැරු කැබිනට් අමාත්‍ය ධුරවල දිවුරුම් දෙනු ලැබුවා.

රවුෆ් හකීම්, රිෂාද් බදීයුදීන් මන්ත්‍රීවරුන් මීට පෙර කැබිනට් අමාත්‍යවරුන් ලෙසත් ෆයිසාල් කාසීම්, එච්.එම්.එම්. හාරිස්, අමීර් අලි සහ අල්සහීර් මවුලානා යන මන්ත්‍රීවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් ලෙසත්, අබ්දුල් මහරුෆ් මන්ත්‍රීවරයා නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ලෙසත් කටයුතු කළා.

No comments:

Post a Comment

Post Bottom Ad




Contact Form

Name

Email *

Message *