අගමැති පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට කැඳවීමේ තීරණයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, June 22, 2019

අගමැති පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට කැඳවීමේ තීරණයක්

අගමැති පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට කැඳවීමේ තීරණයක්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට කැඳවීමට තීරණය කර තිබේ.

කාරක සභාව විසින් ඉදිරියේදී කැඳවීමට අපේක්ෂිත පුද්ගලයින්ගේ ලැයිස්තුවේ අග්‍රාමාත්‍යවරයා ඇතුළු තව ත් අමාත්‍යවරුන් කිහිපදෙනකුගේ නම් ඇතුලත් වේ.
කෙසේවෙතත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට කැඳවන දිනය මෙතෙක් නිශ්චිතව ප්‍රකාශයට පත් කර නැත.
මේ අතර වත්මන් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා ද ඉදිරියේදී මෙම කාරක සභාව හමුවට කැඳවීමට නියමිතව ඇති බව පාර්ලිමෙන්තු විශේෂ කාරක සභාව සඳහන් කළේ ය.
එමෙන්ම හිටපු නීතිය හා සාමය අමාත්‍යවරුන් වන සාගල රත්නයක සහ රංජිත් මද්දුමබණ්ඩාර යන අමාත්‍යවරුන් ද අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට කැඳවීමට තීරණය කර තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad