ඊළඟ ජනාධිපති අඩුම තරමින් උසස් පෙළවත් සමත් විය යුතුයි - පරණවිතාන - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, June 25, 2019

ඊළඟ ජනාධිපති අඩුම තරමින් උසස් පෙළවත් සමත් විය යුතුයි - පරණවිතාන

ඊළඟ ජනාධිපති අඩුම තරමින් උසස් පෙළවත් සමත් විය යුතුයි - පරණවිතාන

දේශපාලන ස්ථාවරත්වය තහවුරු කළ හැකි නායකයෙක් රටට වර්තමානයේ අවශ්‍යව තිබෙන බව නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා කොළඹ දී ප්‍රකාශ කළේය.

දේශපාලනයට රටේ සෑම ප්‍රශ්නයක්ම විසදන්න බැරි වුවත් බොහෝ ප්‍රශ්න විසදිය හැකි බවද නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය.

රටේ වත්මන් දේශපාලන අර්බුදය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

දේශපාලනයට රටක තිබේන බොහෝ ප්‍රශ්ණ විසදීමට හැකියාව පවතින බවත් ඒ සදහා හොද ශක්තිමත් දේශපාලන නායකත්වයක් අවශ්‍ය බවත් අමාත්‍යවරයා පවසයි.

එහිදි අමාත්‍යවරයා පැවසුවේ එළඹෙන මැතිවරණයෙන් පත් කර ගන්නා ජනාධිපතිවරයා අඩුම තරමින් උසස් පෙළවත් සමත් වී සිටිය යුතු බවයි.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා ,

" අද රටට අවශ්‍ය වෙලා තියෙන්නේ කෙළින් කථා කරන ප්‍රශ්නයක් වුනාම එහෙට මෙහෙට බොලේ පාස් කරන්නේ නැති තමන්ගේ උපන්ගෙයි ගොබ්බකම් එළි පිටට පෙන්වන්නේ නැති නිර්භීතව වැඩ කරන පුද්ගලයෙක්. ඒ විතරක් නෙමෙයි, රටේ ප්‍රශ්නල ලෝකේ ප්‍රශ්න ගැන හොද අවබෝධයක් නායකයට තියෙන්න ඕනෑ. මේ රටේ ජාතිය, සංස්කෘතිය, ඉතිහාසය ගැන හැගීමක් තියෙන නායකයෙක් අපට අවශ්‍යයි. ජාතික ආරක්ෂාව තහවුරු කරන්නේ කොහොමද? ජාතික සමගිය තහවුරු කරන්නේ කොහොමද? බිද වැටුණු ආර්ථිකය ගොඩ නගනනේ කොහොමද? මහා පරිමාණ ප්‍රශ්නයක් වෙලා තියෙන බල ශක්ති අර්බුදය විසදන්නේ කොහොමද? අධ්‍යාපනය, පාරිසරික උවදුරු වැනි ප්‍රශ්න නිරාකරණය කරන්න පුළුවන් නැවුම්ව හිතන දැක්මක් සහිත නායකයකුගේ අවශ්‍යතාව බරපතල විදියට මතු වෙලා තිබෙනවා."

No comments:

Post a Comment

Post Bottom Ad