"මේවා සම්පුර්ණ අසත්‍යයි" - එල්ල වන චෝදනා වලට රිෂාඩ් පිළිතුරු දෙයි (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, May 23, 2019

"මේවා සම්පුර්ණ අසත්‍යයි" - එල්ල වන චෝදනා වලට රිෂාඩ් පිළිතුරු දෙයි (VIDEO)

තමන්ගේ අමාත්‍යාංශ උපදේශකවරයකු ලෙස කිසිදු මවුලවිවරයකු පත් කරගෙන නොමැති බැවින් ත්‍රස්තවාදී ප්‍රහාර සම්බන්ධයෙන් තමන්ගේ උපදේශකයකු වන මවුලවිවරයකු අත් අඩංගුවට ගෙන ඇති බවට එල්ල කරන චෝදනාව අසත්‍ය එකක් බව වාණිජ හා කර්මාන්ත කටයුතු අමාත්‍ය රිෂාඩ් බදූර්දීන් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (22) පාර්ලිමේන්තුවේදී මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා එල්ල කළ චෝදනා කිහිපයකට පිළිතුරු ලබා දෙමිනි.

එසේම පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් තමන්ගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු ද අත් අඩංගුවට පත්ව ඇති බවට කරන චෝදනාව ද අසත්‍ය එකක් බව අමාත්‍යවරයා සඳහන් කළේය.

එමෙන්ම තමන්ගේ සහෝදරයාව ද අත් අඩංගුවට ගැනීමක් සිදු නොවූ බව පැවසූ බදූර්දීන් මහතා තමන් කිසිම විටක හමුදාපතිවරයාට බලපෑම් කර නොමැති බවත් ප්‍රකාශ කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad