"මංගල ආවා නම් සංඝරත්නය පිටව යන්නයි හිටියේ - මේක සිංහල බෞද්ධ රටක්ද?" - ජනපති ඉදිරියේදී හිමි නමක් අසයි (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, May 23, 2019

"මංගල ආවා නම් සංඝරත්නය පිටව යන්නයි හිටියේ - මේක සිංහල බෞද්ධ රටක්ද?" - ජනපති ඉදිරියේදී හිමි නමක් අසයි (VIDEO)

ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් ගාල්ල, හික්කඩුව තොටගමුව පුරාණ රත්පත් රාජ මහා විහාරස්ථානයේ පැවති රාජ්‍ය වෙසක් උත්සව වේදිකාවට අනාරාධිතව ගොඩ වූ භික්‍ෂුන් වහන්සේ නමක් ඉල්ලීම් දෙකක් සිදු කලේය.

ජනාධිපතිවරයාද සභාවේ සිටියදී එසේ වේදිකාවට ගොඩවී මයික‍්‍රෆෝනය ගෙන කෙටි දේශනාවක් පැවැත්වූයේ බලපිටිය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති බලපිටියේ ධම්මික හිමියන් විසිනි.

උන් වහන්සේ විසින් කරන ලද මුල් ඉල්ලීම වූයේ සිරගත කර සිටින ගලගොඩඅත්තේ ඥාණසාර හිමි හා බුද්ධි අංශ නිලධාරීන් 45 දෙනකු නිදහස් කරන ලෙසයි. ඥාණසාර හිමියන් විසින් 2010දී කරන ලද ප‍්‍රකාශ නිවැරදී බවද උන් වහන්සේ කීහ.

හිමියන්ගේ දෙවැනි ඉල්ලීම වූයේ ශ‍්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක්ද නැද්ද යන්න පැහැදිලි කරන ලෙසයි.

එම උත්සවයට මංගල සමරවීර ඇමතිවරයා පැමිණියේ නම් සියළු භික්‍ෂූන් වහන්සේලා ඉවත්ව යාමට සූදානමින් සිටි බවද උන් වහන්සේ පැවසූහ.

No comments:

Post a Comment

Post Bottom Ad