සූර්වී පිලියන්දල පොලීසියේ යකා නැටූ හිටපු මන්ත්‍රී ඇතුලු පිරිසට ඇප [ VIDEO ] - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, May 23, 2019

සූර්වී පිලියන්දල පොලීසියේ යකා නැටූ හිටපු මන්ත්‍රී ඇතුලු පිරිසට ඇප [ VIDEO ]


මත්පැන් පානය කර පිලියන්දල පොලිස් ස්ථානය තුළදී කළහකාරී ලෙස හැසිරුණු බස්නාහිර පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන හිටපු මන්ත්‍රී සලෝචන විල්සන් ඇතුළු පිරිස ඇප මත නිදහස් කර තිබේ.

හිටපු මන්ත්‍රීවරයා ඇතුළු 7 දෙනෙකුගෙන් යුත් පිරිස අද(22) කැස්බෑව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා නියෝග කර සිටියේ පිරිස රුපියල් ලක්ෂය බැගින් වන ශරීර ඇපයක් මත නිදහස් කරන ලෙසය.

ඇප මත මුදා හැරියේ හිටපු මන්ත්‍රී සලෝචන විල්සන් ,ෂම්මි නයනජිත් හෙට්ටිආරචිචි,ඩබ්ලිව්.ජී.වසන්ත,දයාසිරි පෙරේරා,ටී.ඩබ්ලිව්.ඩී සම්පදි,ඩී.කේ දමින්ද හා ඇනස්ලි රෝහිත යන අයවලුන්වය.

හිටපු මන්ත්‍රීවරයාගේ රියදුරා බව සඳහන් පුද්ගලයා බීමත්ව රිය පැදවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අවස්ථාවේ සැකකාර මන්ත්‍රීවරයා ඇතුළු පිරිස බීමත්ව පොලිසිය තුළට කඩා වැදී ස්ථානාධිපතිවරයාට සහ සෙසු පොලිස් නිලධාරීන්ට බැන වැදී කලහකාරී ලෙස හැසිරීම සම්බන්ධයෙන් ඔවුන් පිරිස ඒ මොහොතේම අත්අඩංගුවට ගත් බව පොලිසිය අධිකරණයට දැන්වීය

No comments:

Post a Comment

Post Bottom Ad