මාවනැල්ලේ භූමිතෙල් ජාවාරමක් - ප්‍රභල ‌දේශපාලත්ඥයකු බාප්පා කියනවාලු - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, May 23, 2019

මාවනැල්ලේ භූමිතෙල් ජාවාරමක් - ප්‍රභල ‌දේශපාලත්ඥයකු බාප්පා කියනවාලු



මාවනැල්ල නගරයේ හෙම්මාතගම පාරේ වීනස් ශාලාව අසළ පිහිටි භූමිතෙල් පිරවුම්හලක ජාවාරමක් සිදුවන බවට පොලිසියට ලැබී තිබූ පැමිණිල්ලක් අනුව සිදු කළ සෝදිසියකදී අදාළ භූමිතෙල් ජාවාරම හෙළි කරගෙන තිබේ.

ප්‍රභල ‌දේශපාලත්ඥයකුගේ  බාප්පාට අයත් යැයි පැවසෙන මෙම භූමිතෙල් පිරවුම්හලෙන් වැලි ප්‍රවාහනය සිදු කරණ ටිපර් රථවලට සහ මගි ප්‍රවාහන බස්රථවලට භූමිතෙල් සපයන බවට එහිදී අනාවරණය වී ඇත.

එසේ බූමිතෙල් ලබාගන්නා ලද ටිපර් රථයක්ද සහ එහි රියදුරාද මාවනැල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතාගේ කාර්යාලය පිහිටා ඇත්තේද මෙම භූමිතෙල් පිරවුම්හලට ඉතා ආසන්නයේ බව පැවසේ.

භූමිතෙල් යොදා රථවාහන ධාවනය නීතියෙන් තහනම් වන අතර මෙවැනි භූමිතෙල් පිරවුම්හලක් පවත්වාගෙන යාමට අවසර ලබාදෙන්නේ මහා පරිමානයෙන බෙදාහැරීමට නොව අඩුආදායම් ලාභි පවුල් සඳහා අලෙව් කිරීමට බවද පැවසේ.

මෙවැනි පිරවුම්වලකින් මහා පරිමානයෙන් භූමිතෙල් අලෙවි කිරිමද තහනම් වේ.








No comments:

Post a Comment

Post Bottom Ad