මගේ ඉල්ලීමට තඹ කර්මාන්තශාලාවට තඹ කිලෝවක්වත් දීලා නෑ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, May 23, 2019

මගේ ඉල්ලීමට තඹ කර්මාන්තශාලාවට තඹ කිලෝවක්වත් දීලා නෑ

මගේ ඉල්ලීමට තඹ කර්මාන්තශාලාවට තඹ කිලෝවක්වත් දීලා නෑ

වැල්ලම්පිටිය තඹ කම්හලට තඹ මෙට්‍රික් ටොන් 500ක් ලබා දෙන ලෙස සිදුකළ ඉල්ලීමට තඹ කිලෝවක් ලබා දී නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා සඳහන් කළේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට විවිධ ඉල්ලීම් කරමින් ලිපි දහස් ගණන් ලැබෙන බවත්, අදාළ ඉල්ලීමක් මේ ආකාරයට ලැබුණ එකක් බවද පවසා සිටියේය.

පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ලවන තෙක් අදාළ කම්හල පිළිබඳව ගැටලුවක් නොතිබූ බවත්, මේ නිසා හැකියාවක් තිබෙනවා නම් මෙම ආයතනයට තඹ ලබාදෙන ලෙසට අදාළ රාජ්‍ය ආයතනයෙන් ඉල්ලීම් කළත්, එම ආයතනයේ සභාපතිවරයා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබෙන බවද ඊයේ (22) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මන්ත්‍රීවරයා සඳහන් කළේය.

මේ නිසා සිදුකළ ඉල්ලීමට තඹ කම්හලට තඹ ලබා දී නොමැති බවද ඔහු පවසා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad