පාර්ලිමේන්තුවේ තවත් තව්හිද් සාමාජිකයෙක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, May 23, 2019

පාර්ලිමේන්තුවේ තවත් තව්හිද් සාමාජිකයෙක්

පාර්ලිමේන්තුවේ තවත් තව්හිද් සාමාජිකයෙක්

පාර්ලිමේන්තු සංකීර්ණයේ සේවය කරන තව්හිද් ජමාත් ත‍්‍රස්ත සංවිධානයට අයත් තවත් සාමාජිකයකු පිළිබඳව පොලිසිය තොරතුරු හෙළි කරගෙන ඇත. 

මෙම තව්හිද් ජමාත් සාමාජිකයා පිළිබඳව මේ වනවිටත් විමර්ශන ආරම්භ කර ඇති අතර ඉදිරි දිනවලදී ඔහු අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව පොලිස් ආරංචි මාර්ග පැවසීය.

තව්හිද් ජමාත් ත‍්‍රස්ත සංවිධානයේ ප‍්‍රබලයකු බව කියන පාර්ලිමේන්තුවේ සේවය කරමින් සිටි නව්ෂාඞ් නමැත්තාගෙන් ප‍්‍රශ්න කිරීමේදී මෙම සැකකරු පිළිබඳව තොරතුරු හෙළි වී ඇත. 

මේ අතර පාර්ලිමේන්තුවේ හැන්සාඞ් අංශයේ සුචිගත නිලධාරියකු ලෙස සේවය කරමින් සිටියදී අත්අඩංගුවට ගත් නව්ෂාඞ් නමැති සැකකරුගේ කාර්යාල කාමරයේ තිබූ පරිගණකය, ලැප්ටොප් පරිගණකය, සැක කටයුතු සීඞී තැටි සහ තවත් ලිපි ලේඛන තොගයක් පොලිසිය මගින් අත්අඩංගුවට ගන්නා ලදී.

පාර්ලිමේන්තු හැන්සාඞ් අංශයේ නිලධාරියා දින 90 ක් රඳවාගෙන ප‍්‍රශ්න කරගෙන යන අතර ඉදිරියේදී වැදගත් තොරතුරු රැසක් හෙළි කරගත හැකි වෙතැයි පොලිසිය පවසයි.

පාර්ලිමේන්තු සංකීර්ණයේ සේවය කරන මුස්ලිම් ජාතිකයන් සියලූ දෙනා පිළිබඳව පොලිසිය වෙන වෙනම විමර්ශනයක් පවත්වාගෙන යන බව ද පොලිස් ආරංචි මාර්ග පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad