ඉදිරි ජනාධිපති - අගමැති තීරණය කරන්න දැන් කාලය නෙවෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, May 25, 2019

ඉදිරි ජනාධිපති - අගමැති තීරණය කරන්න දැන් කාලය නෙවෙයි

ඉදිරි ජනාධිපති - අගමැති තීරණය කරන්න දැන් කාලය නෙවෙයි

රට තුළ මේ වන විට ක්‍රියාත්මක වන දේශපාලනය තමා පිළිකුලෙන් යුතුව හෙළා දකින බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කර සිටියි.

අමාත්‍යවරයා මෙම අදහස් පල කළේ කුණ්ඩසාලයේ පැවති උත්සවයකදී සිය අදහස් දක්වමිනි.

300කට අධික ප්‍රමාණයක් ජීවිත අහිමි වී තිබියදී ඇතැම් පිරිස් රටේ ඉදිරි දේශපාලනය පිළිබඳ කතා කරමින් දේශපාලන සූදුවක නිරතව සිටින බව සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඉදිරි ජනාධිපති හෝ අගමැති කවුදැයි කතා කිරීමට මෙය කාලය නොවන බවත් එය හාස්‍යයට කරුණක් බවත් පවසන ඒ මහතා ප්‍රකාශ කරයි.

රටේ ජනතාවගේ පැතුම මෙය නොවන බවත් පැවසු ඒ මහතා එම දේශපාලනය තමන් අධි පිළිකුලෙන් යුතුව හෙළා දකින බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad