කොටුව දුම්රිය ස්ථානයේ නිවේදිකාවක අත්අඩංගුවට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, May 9, 2019

කොටුව දුම්රිය ස්ථානයේ නිවේදිකාවක අත්අඩංගුවට

කොටුව දුම්රිය ස්ථානයේ නිවේදිකාවක අත්අඩංගුවට
කොටුව දුම්රිය ස්ථානයේ නිවේදිකාවක අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමෙන් පසු මුදා හැර තිබේ.
 
පොලීසිය සඳහන් කළේ, අප්‍රේල් 21 වනදා ප්‍රහාරවලට අදාළ ඡයාරූප ළඟ තබා ගෙන ඇතැයි, ලද නිර්නාමික තොරතුරකට අදාළව ඇය ඊයේ උදෑසන අත්අඩංගුවට ගත් බවයි.
 
පොලීසිය පවසන්නේ, පැය 10කට අධික කාලයක් ඒ සම්බන්ධයෙන් ඇගෙන් ප්‍රශ්න කළ බවයි.
 
ප්‍රශ්න කිරීම්වලින් පසු ඇගේ දෙමටගොඩ සහ මට්ටක්කුලිය ප්‍රදේශයේ පිහිටි නිවාස දෙකක් ද පරීක්ෂාවට ලක් කර තිබේ.
 
පොලීසිය පැවසුවේ, ඒවායේ තිබී කිසිදු සැකකටයුතු දෙයක් හමු නොවූ බවත් ඒ අනුව ඇය නිදහස් කිරීමට පියවර ගත් බවත් ය.

No comments:

Post a Comment

Post Bottom Ad