සිනමන් ග්‍රෑන්ඩ් පුපුරුවාගත් ත්‍රස්තයා ඉන්සාෆ් අහමඩ්ට පිං පැමිණවීමට ආ පූජකවරයෙකු අත්අඩංගුවට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, May 15, 2019

සිනමන් ග්‍රෑන්ඩ් පුපුරුවාගත් ත්‍රස්තයා ඉන්සාෆ් අහමඩ්ට පිං පැමිණවීමට ආ පූජකවරයෙකු අත්අඩංගුවට

කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලය තුළදී බෝම්බය පුපුරුවාගත් වැල්ලම්පිටිය තඹ කම්හලේ හිමිකරු මොහොමඩ් ඉන්සාෆ් අහමඩ් නැමැත්තා වාසය කළ දෙමටගොඩ පිහිටි නිවස මේ වනවිට වසා දමා තිබෙන අතර නිවසේ ගෘහමූලික කුළුබඩු ව්‍යාපාරික යූසුෆ් ඊබ්‍රාහීම් සහ දරුවන්ද ලේලියන් කිහිපදෙනෙකුද පොලිස් රැඳවුම් භාරයේ පසුවේ. මේ අතර තඹ කම්හලේ හිමිකරුගේ බිරිය වාසය කළ බව කියන ඇගේ පරම්පරාවෙන් උරුමවූ කොල්ලුපිටිය නිවසක්ද තිබුණි. බෝම්බ සිදුවීමට පෙර තමුන් සැම්බියාවට යන බව කියා ඉන්සාෆ් අහමඩ් බිරියව නතරකර ගොස් තිබුනේ එහිය.

බෝම්බ සිද්ධියෙන් පසු ඇය පොලිස් භාරයට ගත් පසුව එම නිවස වසාදමා තිබුණි.මේ අතරවාරයේ එම නිවසට පැමිණි සැකකටයුතු පිරිසක් ගැන අද පොලිසියට ඔත්තුවක් ලැබී තිබේ. ත්‍රී රෝද රථයකින් ඔවුන් පැමිණ තිබූ අතර නිවසට ඇතුලුවී කිසියම් යාතිකා දේශනා කරමින් සිටිනු ඒ ගැන පරීක්ෂා කිරීමට ගිය පොලිසියට හදුනාගන්නට ලැබී තිබේ.

සිදුකළ ප්‍රශ්න කිරීමේදී ආගම දේශනා කිරීම සඳහා පැමිණි බව ප්‍රකාශ කළද පූජකවරයා ඇතුළු පිරිස පැමිණයේ මරාගෙන මැරෙන බෝම්බය පුපුරුවා ගත් මොහොමඩ් ඊබ්‍රාහීම් ඉන්සාෆ් අහමඩ් නැමැත්තාට පිං ලබා දීමට බව පොලිසිය හඳුනාගෙන තිබේ.

එවැනි කටයුත්තකට දායකවීමට ඔවුන් පැමිණීම සැක උපදවන්නක් නිසා වැඩිදුර ප්‍රශ්න කිරීමට පොලිසිය පූජකවරයා ඇතුළු පුද්ගලයන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.පූජකවරයා කොටහේන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත් අනෙක් පිරිස මාලිගාවත්තේ බවත් වාර්තා විය.සැකකරුවන්ගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරන බව පොලිසිය කියයි.

No comments:

Post a Comment

Post Bottom Ad