රාජ්‍ය සේවකයින්ට අඩු මිලට බත් පාර්සල් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, March 18, 2019

රාජ්‍ය සේවකයින්ට අඩු මිලට බත් පාර්සල්

කොළඹ නගරයේ රාජ්‍ය ආයතනවල සේවක සේවිකාවන් සඳහා රුපියල් 75ක සහන මිලකට පිරිසුදු දිවා
ආහාර පැකට්ටුවක් ලබාදීමේ වැඩපිළිවෙළක්
ආරම්භ කර ඇතැයි සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව පවසයි.

එම රාජ්‍ය ආයතන සේවක සුබසාධක සමිති හරහා මෙම බත් පැකට් අලෙවි කිරිමටත්, ඒ සඳහා වන අවශ්‍ය බත්පැකට් ප්‍රමාණයන් පිළිබඳ විස්තර ඉල්ලා සුබසාධක  සමිති සභාපතිවරුන් වෙත ලිපි යවා ඇති බවත් එහි අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රරත්න පල්ලේගම මහතා  පැවැසීය.

 මෙම සුබසාධක සමිති මගින් ඇණවුම් කරන ඕනෑම බත් පැකට් ප්‍රමාණයක් ලබාදීමට හැකියාව ඇතැයිද ඒ මහතා කීය. මෙම බත් පාසලයකට, පරිප්පු, මාළු, එළවළු, සමග කොළ මැල්ලුමක් අයත් වන අතර වැලිසර සිවිල් ආරක්ෂක දෙපාර්තකමේන්තු සංකීරණයේ මෙම ආහාර පැකට් පිළියෙළ කරන බවද  එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.


-ජයන්ත සමරකෝන්-

No comments:

Post a Comment

Post Bottom Ad