ක්‍රිකට් නිලවරණය නියමිත දිනට ඕන - ICC අණ කරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, January 10, 2019

ක්‍රිකට් නිලවරණය නියමිත දිනට ඕන - ICC අණ කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය යොදා ගත් දින අනුව නියමිත දිනට පවත්වන්නැයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (අයිසීසීය) ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාට දන්වා තිබේ. මෙවර නිලවරණයට දූෂිත පිරිස්
එක්ව ඇති බව සහ දුෂණ මර්දන ඒකකයක් ශ්‍රී ලංකාව තුළ පිහිටුවන තෙක් ක්‍රිකට් නිලවරණය කල් දමා, අතුරු කමිටුවක් යටතේ පරිපාලනයක් ස්ථාපිත කිරීමට අමාත්‍යවරයා අයිසීසීයෙන් ඉල්ලීමක් කර තිබුණි.


කෙසේ වෙතත් එම කටයුතු වෙනුවෙන් නිලවරණය කල් දමා අතුරු කමිටුවක් පත් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් අනුමැතියක් හිමිව නොමැති අතර, නිලවරණය පවත්වා ඡන්දෙන් පත්වන පිරිසට ක්‍රිකට් ආයතනයේ පරිපාලනය භාර දීම සුදුසු යැයිද දන්වා එවා තිබේ.

අප මේ සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගෙන් විමසීමක් කළ අතර, ක්‍රීඩා අමාත්‍යවරයා පවසා සිටියේ ක්‍රිකට් නිලවරණය නිසි පරිදි පවත්වන බවයි.
ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ ක්‍රීඩා අමාත්‍යවරයා,

"අයිසීසීය අපිට දන්වලා තියෙනවා නිලවරණය පවත්වන්න කියලා. ඔවුන් අතුරු කමිටු දාන්න එපා කියලා කිව්වේ නැහැ. ඒත් දැනට ක්‍රියාත්මක වන ක්‍රිකට් නිලවරණ ක්‍රියාදාමය ඒ අයුරින්ම කරගෙන යන්න කියලා දන්වලා තියෙනවා.  නියමිත දිනට ක්‍රිකට් නිලවරණය පවත්වන්න උත්සහ කරනවා" යැයි පවසා සිටියේය.

කෙසේ වෙතත් අභියාචනා කමිටුව පත් කිරීමේ ගැටලුවක් පවතින අතර, එය මෙම සතිය තුළ නිරාකරණය කර ගැනීමට ක්‍රීඩා අමාත්‍යවරයා උත්සුක වෙයි. ඒ අනුව අමාත්‍යවරයා පවසා සිටියේ අභියාචනා කමිටු සම්බන්ධයෙන් වන ගැසට් නිවේදන හැකි ඉක්මනින් යොමු කර ක්‍රිකට් නිලවරණය පැවැත්වීමට උත්සාහ කරන බවයි. 

No comments:

Post a Comment

Post Bottom Ad