මාධ්‍යවේදී ලක්මාල් ඝාතනය කළැයි හිටපු හමුදා සෙබළකු රක්ෂිත බන්ධනාගාරයට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, December 12, 2018

මාධ්‍යවේදී ලක්මාල් ඝාතනය කළැයි හිටපු හමුදා සෙබළකු රක්ෂිත බන්ධනාගාරයට

නිදහස් මාධ්‍යවේදී ලක්මාල් ද සිල්වා මහතා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් යුද හමුදාවේ හිටපු හමුදා සෙබළකු ලබන 20 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ගල්කිස්ස මහෙස්ත‍්‍රාත් ලෝචනා අබේවික‍්‍රම මහත්මිය අද (11) නියෝග කර
තිබේ.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබ ඇත්තේ යුද හමුදාවේ හිටපු සෙබළකු වූ චින්තක වර්ණකුමාර නැමැත්තාය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් මත මෙම සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලබන බව අපරාධ පරීක්ෂණ
දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී ඇත.

2006 ජුලි මස දෙවන දා දෙහිවලදී ඝාතනය කෙරුණු ආරක්ෂක අංශ වාර්තාකරුවකු වන මාධ්‍යවේදී සම්පත් ලක්මාල් ද සිල්වා මහතාගේ ඝාතකයා පිළිබඳව වසර 09 කට පසු විදිමත් පඍීක්ෂණ ඇරඹුනේ 2015 රජය යටතේය. මාධ්‍යවේදී සම්පත් ලක්මාල්ගේ ඝාතකයා වන්නේ දැනට ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීම සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් නියෝග පිට පසුවන, යුද හමුදා බුද්ධි අංශයේ අයකු සම්බන්ද බවට මුලින් තොරතුරු හෙලිදරව් වී තිබේ.

2006 ජුලි මස පළමුවැනිදා රාත්‍රී ආහාර ගනිමින් සිටි මාධ්‍යවේදී සම්පත් ලක්මාල්ට ලැබුණු දුරකතන ඇමතුමකට අනුව ආහාර ගැනීම පවා පසෙක ලා හැඳ පැළඳගෙන පිටත් වී ගිය බව සම්පත්ගේ මව වන රූපා ද සිල්වා මහත්මිය එම දිනවල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කටඋත්තරයක් ලබාදෙමින් පවසා ඇති තිබුනි. පසුව ඔහු කිසිදිනෙක නොපැමිණි බවත් ඔහුගේ මළසිරුර දෙහිවල පාරක වැටී තිබී පසුදින හමු වූ බවත් ඇය සිය කටඋත්තරයේදී පවසා තිබුණි.
ඉරුදින, ලක්බිම, සත්දින යන මාධ්‍ය ආයතනයන්හි නිදහස් මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කළ මාධ්‍යවේදී සම්පත් ලක්මාල් ද සිල්වා මියයන විට සත්දින පුවත්පතේ ආරක්ෂක වාර්තාකරු ලෙස සේවය කළේය.  සම්පත් ලක්මාල්ගේ ඝාතනය වන විට 24 හැවිරිදි වියේ පසුවිය.

No comments:

Post a Comment

Post Bottom Ad