ලක්ෂ 50ක රන්බඩු දැවැද්දට කියා අරන් විවාහය මඟ අරින පුද්ගලයා සොයා පරීක්ෂණ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, December 21, 2018

ලක්ෂ 50ක රන්බඩු දැවැද්දට කියා අරන් විවාහය මඟ අරින පුද්ගලයා සොයා පරීක්ෂණ


විවාහය සඳහා රුපියල් ලක්ෂ පනහක රත්රන් පවුම් තොගයක් දෑවැද්ද වශයෙන් ලබාගෙන විවාහය මඟහරින
ලද පුද්ගලයකු සොයා යාපනය වැල්වෙට්ටිතුරෙයි පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කොට තිබේ. යාපනයේ වඩමාරච්චි නැගෙනහිර පළාතේ තරුණියක් විවාහ කරගැනීම සඳහා කොළඹ ව්‍යාපාර හිමි පුද්ගලයකු පැමිණ තිබේ. දෙපාර්ශ්වයේම කැමැත්තෙන් පසුව දෑවැද්ද වශයෙන් රුපියල් ලක්ෂ පනහක් වටිනා රන් පවුම් තොගයක්
හා නිවෙසක් ලබාදීමට මනාලියගේ පාර්ශ්වය එකඟ වී තිබේ.

මනාලයා තරුණියගේ නිවසට යැමට ඒමට පටන් ගැනීමෙන් පසුව තරුණියට ඇති වූ විශ්වාසය මත දෑවැද්දට දීමට තිබු රන් පවුම් තොගය සිය පෙම්වතාට දී ඇත්තේ ව්‍යාපාරික කටයුත්තක් සඳහා මුදල් අවශ්‍යතාවක් මතය. ඊට දින කිහිපයකට පසුව මනාලයාගෙන් දුරකථන ඇමතුමක් පවා නොලැබුණු නිසා තරුණිය යාපනයේ සිට සිය පෙම්වතා සොයාගෙන කොළඹට ගොස් තිබේ. එහිදී ඇගේ පෙම්වතා පවසා ඇත්තේ විවාහය ලියාපදිංචි කිරීමට අවශ්‍ය නොවන බවයි.

තරුණිය ඔහු සමඟ බහින්බස් වී පැමිණ ඔහු ගැන වැඩිදුර සොයා බැලීමේදී දැනගන්නට ලැබී ඇත්තේ ඔහු වවුනියාවේ කාන්තාවක සමඟ විවාහ වී ඔහුට දරුවන් දෙදෙනකුද සිටින බවයි.  පසුව ඇය මේ පිළිබඳව යාපනයේ වැවිවෙට්ටිතුරෙයි පොලිසිය පැමිණිලි කොට ඇත. පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කොට තිබේ.

-රසාදි චතුරංගී  ගමගේ-

No comments:

Post a Comment

Post Bottom Ad