ගෙවල් බිඳුම් 48කට හිරේ ගිය සිරකරු එළියට ඇවිත් ආයෙත් ගෙවල් 06ක් කඩලා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, December 21, 2018

ගෙවල් බිඳුම් 48කට හිරේ ගිය සිරකරු එළියට ඇවිත් ආයෙත් ගෙවල් 06ක් කඩලා


බූස්ස බන්ධනාගාරයෙන් නිවාඩු ලබා පැමිණි රැදවියකු නිවෙස් බිඳුම් හයක් සිදුකර රුපියල් ලක්ෂ විසිපහකට ආසන්න රන් භාණ්ඩ සොරාගෙන සිටියදී මෝදර වැල්ල ප්‍රදේශයේදී පෙරේදා (18) අත්අඩංගුවට ගත් බව
වැල්ලවත්ත පොලිසිය කියයි.

මීට වසර අටකට පෙර වැල්ලවන හා බම්බලපිටිය පොලිස් වසම් දෙකෙහි සිදුකළ නිවෙස් බිඳීම් හතළිස් අටකට වසර විසි දෙකක බරපතළ සිර දඬුවම් ලබමින්


සිටියදී යහපත් කල්ක්‍රියාව හේතුවෙන් ඉකුත් නොවැම්බර් 06 වැනි දින සිට දින කිහිපයක් බන්ධනාගාරය මගින් මෙම සැකකරුට නිවාස නිවාඩු ලබාදී තිබූ බව පොලිසිය කියයි.  එදින සිට මේ දක්වා යළි බන්ධනාගාරය වෙත නොයා වැල්ලවත්ත පොලිස් වසමේ ධනවතුන්ගේ නිවාසවලට දහවල් කාලයේදී ඇතුළු වී රන් භාණ්ඩ සොරාගෙන තිබූ බව පොලිස් නිලධාරියෙක් පැවසිය. එලෙස සොරාගත් රන් භාණ්ඩ කොළඹ ප්‍රදේශයේ රන් භාණ්ඩ උකස් මධ්‍යස්ථාන පහකට උකස් කර තිබියදී සොයා ගැනීමට  හැකි වූ බවද පොලිසිය කියයි.

හෙරොයින් මත්කුඩු පානයට ඇබ්බැහිවී  සිටින මෙම සැකකරු සියලුම මුදල් ඒ සඳහා වැය කර ඇතැයි පොලිසිය කියයි.  වයස අවුරුදු 42ක් වන සැකකරු නාරාහේන්පිට පදිංචිකරුවෙකි.

-බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ-

No comments:

Post a Comment

Post Bottom Ad