ජනතාවගේ වුවමනාවට ආණ්ඩුව පෙරළුවත් අපි වහා ජනවරමකට යා යුතුයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, November 6, 2018

ජනතාවගේ වුවමනාවට ආණ්ඩුව පෙරළුවත් අපි වහා ජනවරමකට යා යුතුයි

ජනතාවගේ අවශ්‍යතාව මත ආණ්ඩුව පෙරළුවද මේ ආණ්ඩුව කෙටි කාලීන එකක්. මිට වඩා ආණ්ඩුවක බලයක් අවශ්‍යයයි. ඒ සඳහා ජනතාව ඉදිරියට යා යුතු බව හිටපු රාජ්‍ය ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ
පැවසීය. තිස් වසරක කුරිරු යුද්ධයේදී මියගිය ත්‍රිවිධ හමුදා සාමාජිකයන්, පොලිස් නිලධාරීන් සහ සිවිල් ආරක්ෂක නිලධාරීන් සඳහා පින් පැමිණවීම සඳහා රන්වැලි සෑ සියපත් වන්දනා නමින් රුවන්වැලි මහා චෛත්‍යය අබිසදී ඉකුත්දා (03දා) පස්වරුවේදී සංවිධානය කොට තිබු රණවිරු ආශීර්වාද පුජාවට එක්වෙමින්

ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේය.

                  
එහිදී මාධ්‍යට අදහස් දමින් හිටපු ආරක්ෂක ලේකම්වරයා මෙසේද පැවැසීය.

පසුගිය ආණ්ඩු කාලයේ රණවිරුවන්ට විරුද්ධව සිදුකළ සියලුම දේවල් භංග වේවා. මේ ආණ්ඩුවටත් කියනවා ඒවා අතුගාලම දාන්න කියලා. අද ටී.එන්.ඒ. එක කොටස් දෙකකට කැඩිලා තිබෙනවා. දෙමළ ජනතාවට ආදරය කරන මේ මන්ත්‍රිවරුන්ගෙන් පිරිසක් අගමැති මහින්ද රාජපක්ෂ මහතාට සහාය දෙයි කියලා බලාපොරොත්තු වෙනවා. ඇමෙරිකානු විදේශ ලේකම් කියලා තිබුණා 2015දී ආණ්ඩුව පෙරළන්න ඩොලර් මිලියන 400ක් වැය කරලා තිබුනා කියලා. ඒ කාලේ දැක්කනේ මන්ත්‍රිවරු මුදල්වලට ගන්න හැටි. සිංගප්පූරුවට යනවා මුදල් ගන්නවා. අපිට ඒ වාගේ සල්ලි දෙන්න රටක් සම්බන්ධ වෙලා නැහැ. අපි කාටවත් මුදල් දීලාත් නැහැ. පාර්ලිමේන්තුව කල්දැමීමට ජනාධිපතිවරයාට බලතල තියෙනවා.

රටේ මොනයම් අවස්ථාවකදී ස්ථාවර භාවය ආරක්ෂා කිරීමට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ජනාධිපතිවරයාට තිබෙනවා. මේ බලය රටේ සෑම ජනාධිපතිවරයෙක්ම භාවිත කර තිබෙනවා. එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරයෙක් කලක් පාර්ලිමේන්තුව මාස දෙකකින් කල්දමා තිබෙනවා. රටේ ජනතාවගේ අවශ්‍යතාව මත තිබුණු ආණ්ඩුව පෙරළා දැමුවත් මේ ආණ්ඩුව කෙටි කාලීන එකක්. ආණ්ඩුවට මීට වඩා බලයක් අවශ්‍යයි. මගේ පෞද්ගලික මතය නම් ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවීමට ජනතාව අතරට යා යුතුයි.

-අමිල ප්‍රභාත්-

No comments:

Post a Comment

Post Bottom Ad