ඩීසල් මිල අඩු නිසා බස් ගාස්තුවත් පහත දැමීමේ තීරණය හෙට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, November 6, 2018

ඩීසල් මිල අඩු නිසා බස් ගාස්තුවත් පහත දැමීමේ තීරණය හෙට

නව ආණ්ඩුව ඩිසල් මිල රුපියල්  7කින් අඩු කිරීමේ වාසිය ජනතාවට ලබාදීම සඳහා ඊට සාපේක්ෂව බස් ගාස්තු අඩු කිරීමට ලංකා පෞද්ගලික බස් සංගමය තීරණය කළ බව එහි සභාපති ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ
කරයි. සංගමයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ රැස්වී ගත් මේ තීරණය පිළිබඳව ජාතික ගමනාගමන කොමිසම දැනුවත් කරන බවද විජේරත්න මහතා සඳහන් කරයි. මෙලෙස බස් ගාස්තු අඩු කිරීම සම්බන්ධව බස් සංගම් නියෝජිතයන් හා ජාතික ගමනාගමන කොමිෂන් සභාව අතර සාකච්ඡාවක් හෙට (07දා) පැවැත්වීමට නියමිතය.

ඩීසල් මිල ඉහළ දමන විට බස් ගාස්තුව ඉහළ දමනවා සේම ඩීසල් මිල පහළ දමන විට බස් ගාස්තුව පහළ දැමිය යන බවද දකුණු පළාත් පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය  පැවසීය.

මේ අනුව ඩීසල් ලීටරයක මිල රුපියල් 7.00කින් අඩු කිරීමට සාපේක්ෂව බස් ගාස්තුව 3.5% පහළ දැමිය යුතු බවත් මේ නිසා ආසන්න අගයක් ලෙස 4%කින් බස් ගාස්තුව පහළ දැමිය යුතුව තිබෙන බවද එම සංගමයේ සභාපති චන්දන සොයිසා මහතා  කියා සිටියේය. එහෙත් මේ පිළිබඳ අවසන් තීරණය ගැනීමට සිදුවන්නේ ජාතික ගමනාගමන කොමිසම හා බස් සංගම් අතර පැවැත්වෙන සාකච්ඡාවකදී බවද හෙතෙම පවසා සිටියේය. ඩීසල් මිල පහළ දැමීමට සාපේක්ෂව බස් ගාස්තුව අඩු කිරීමේ ප්‍රතිශතය. 2.5%ක් බවද සමස්ත ලංකා බස් සංගම් සම්මේලනය සඳහන් කරයි. මේ පිළිබඳව (07දා) අවසන් තීරණය ගන්නා බවද එම සංගමයේ සභාපති අංජන ප්‍රියන්ජිත් මහතා  කළ විමසුමකට පිළිතුරු දෙමින් කියා සිටියේය.


-උපතිස්ස පෙරේරා-

No comments:

Post a Comment

Post Bottom Ad