පළාත් සභා රෝහල් රැසක් රජයට පවරා ගන්නා ලෙසට යෝජනා ඉදිරිපත් වුවත්, එය ක්‍රියාත්මක නොකරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කරයි.
නැගෙනහිර පළාත් සභාව ප්‍රථම වරට සංවිධානය කළ අන්තර්ජාතික ආයුර්වේද ප්‍රදර්ශණය විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (04) එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
දේශීය වෛද්‍ය ක්‍රමය, යුනානි සහ සිද්ධි වෛද්‍ය ක්‍රම ප්‍රචලිත කිරීමේ අරමුණින් මෙම අන්තර්ජාතික ප්‍රදර්ශණය පැවැත්විනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා - පළාත් සභා සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ හා දේශීය වෛද්‍ය අමාත්‍යවරුන්ගේ සමුළු වල දී පළාත් රෝහල් සේවා මුහුණ දෙන ගැටලු පිළිබද සාකච්ඡා කරනවා.
රෝගී සත්කාරක සේවා සිදු කිරීමේ දී සියලු රෝහලක්ම සංවර්ධනය කළ යුතුයි. මන්ද ප්‍රතිකාර ලබාගැනීමට පැමිණෙන රෝගියා රෝහල මධ්‍යම රජයේ ද පළාත් සභාවේ ද කියා දන්නේ නැහැ. ඔවුන් එන්නේ ප්‍රතිකාර ලබාගැනීමටයි. අපි එම සේවාව ලබාදිය යුතුයි. බලය බෙදාහැරීම මගේ ප්‍රතිපත්තියයි. ඒ අනුව පළාත් සභා රෝහල් ද සංවර්ධනය කිරීම සදහා අවශ්‍ය ප්‍රතිපාදන පසුගිය වසර 03 තුල ම ලබාදී තිබෙනවා. දේශීය වෛද්‍ය ක්‍රමය නගා සිටුවීම සදහා පියවර රැසක් ගෙන තිබෙනවා. දේශීය වෛද්‍ය ක්‍රමය ප්‍රචලිත කිරීම තුලින් විශාල විදේශ විනිමයක් ලබාගත හැකි වෙනවා.
මෙහිදී දේශීය වෛද්‍ය ක්‍රමය නගා සිටුවීමට සෞඛ්‍ය අමාත්‍යවරයා ගත් තීන්දු තීරණ අගය කරමින් නැගෙනහිර පළාත් සභාව විසින් සම්මානයක් ද පිරිනමන ලදි.
මෙම අවස්ථාවට නැගෙනහිර පළාත් සභාවේ ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම, නැගෙනහිර ආයුර්වේද කොමසාරිස් ආර්.සීතරන් මහත්මිය, නැගෙනහිර විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරු සහ ආචාර්යවරු එක්ව සිටියහ.
මෙම අවස්ථාවට නැගෙනහිර පළාත් සභාවේ ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම, නැගෙනහිර ආයුර්වේද කොමසාරිස් ආර්.සීතරන් මහත්මිය, නැගෙනහිර විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරු සහ ආචාර්යවරු එක්ව සිටියහ.
අශෝභන ලෙස හැසිරුණු වෛද්‍යවරයාට පරීක්ෂණයක් !
මේ අතර කන්තලේ මුලික රෝහලේ බීමතින් සහ අශෝභන ලෙස හැසිරෙන වෛද්‍යවරයෙකු සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට ඊයේ (04) දැනුම්දී ඇත.
ත්‍රිකුණාමලය මහ රෝහලේ හදිසි නිරික්ෂණ චාරිකාවකට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා එම රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් සහ අනෙකුත් වෛද්‍යවරුන් සමග පැවැති සාකච්ඡාවක දී මෙම දැනුම්දීම සිදු කරන ලදි.
නැගෙනහිර පළාත් ආණ්ඩුකාර, රෝහිත බෝගොල්ලාගම මහතාට සහ නැගෙනහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාට ලැබුණු පැමිණිල්ලක් පිළිබදව මෙහිදී සාකච්ඡාවට බදුන් විය.
එම අවස්ථාවේ දී මෙම වෛද්‍යවරයා බීමතින් අශෝභන ලෙස හැසිරෙන ඡායාරූප ද ඉදිරිපත් කරන ලදි. මේ පිළිබදව විධිමත් පරීක්ෂණයක් පවත්වා විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට දැනුම්දී තිබේ.මේ අතර ත්‍රිකුණමලය මහ රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන් හිඟය සම්බන්ධයෙන් ද සාකච්ඡා කළ අතර, අවශ්‍ය වෛද්‍යවරුන් කඩිනමින් ලබාදෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් ලබාදෙන ලදි.
අතුරු වෛද්‍ය සේවා, හෙද හෙදියන්, පරිපුරක වෛද්‍ය සේවා, කණිෂ්ඨ කාර්ය මණ්ඩල ගැටලු පිළිබදව ද සාකච්ඡා කළ අතර, වෛද්‍ය උපකරණ ලබාදීම පිළිබදව ද සාකච්ඡා කෙරුනි.
13,342 Viewers
No comments:
Post a Comment