සුළු වැරැද්දක් නිසා ඉඩමයි කර්මන්තශාලාවයි දෙකම ඉන්දියාවට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, October 5, 2018

සුළු වැරැද්දක් නිසා ඉඩමයි කර්මන්තශාලාවයි දෙකම ඉන්දියාවට


කන්තලේ සීනි කර්මාන්තශාලාව ආශ‍්‍රිත ඉඩම පමණක් ඉන්දීය සමාගමකට ලබා දීම සදහා කැබිනට් තීන්දුවක් ගත්තද පසුගිය ගිවිසුම අත්සන් කරද්දී සුළු වැරැද්දක් සිදු වී ඉඩම හා කර්මාන්තශාලාව  දෙකම දුන් බව ඇමති ලක්‍ෂමන් කිරිඇල්ල මහතා පවසයි.
 
කැබිනට් තීරණයට වෙනස් ආකාරයෙන් ගිවිසුම් අත්සන් කිරීම ගැන නීතිපතිවරයාගේ උපදෙස් ඉල්ලා ඇති බවත් ඔහු සදහන් කලේය.
 
මෙම සිදුවීම අවසන් වූ පසු අමාත්‍යංශයෙන් වෙනම ටෙන්ඩර් කැදවා වෙනම ආයෝජකයෙකුට ලබා දුන් බවත් දැන් ඔහුද ඊට අයිතිවාසිකම් කියන බවත් ඇමතිවරයා කියා සිටී.
 
අදාළ  ඉඩම සම්බන්දයෙන් පාර්ලිමේන්තුවේදී කරන ලද ප‍්‍රශ්න කිරීමකදී ඇමතිවරයා විසින් මෙම අදහස් පල කර සිටියේය.

8,562 Viewers

No comments:

Post a Comment

Post Bottom Ad