කිරි අජීර්ණයක් නිසා ජනබලයට වීරකැටියෙන් ආ 30 ක් රෝහලේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, September 5, 2018

කිරි අජීර්ණයක් නිසා ජනබලයට වීරකැටියෙන් ආ 30 ක් රෝහලේ


අද පැවති ජනබලය විරෝධතාවයට සහභාගී වීම සඳහා පැමිණි පිරිසක් බඩේ අජීර්ණයක් ඇතිවීම නිසා මේ වනවිට 30 දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තාවේ.

ඔවුන්ට ලබා

දුන් කිරි පැකැට්ටු පානය කිරීමෙන් අනතුරුව උදරාබාධ තත්ත්ව මතවූ බවත් තැන් තැන් වල හෝටල්වල ඔවුන් මළ පහ කිරීමට තැන් සොයමින් අපහසු ඉරියව් වල සිටි බවත් වාර්තා විය.
පසු මේ හේතුවෙන් ඔවුන් රෝහල් ගතකරන්නට වීරකැටියෙන් ආ ඔවුන් සමග පැමිණි සංවිධායකයින් කටයුතුකොට තිබේ.
ලබා දී තිබූ කිරි පැකැට්ටුවේ කුඩා සිදුරු දක්නට තිබූ බවත් ඒවා කල් ඉකුත්වූ ඒවාද නැතිනම් කිසියම් විසක් ඒවාට ඇතුළු කළාදැයි සැක බවත් ඒ කන්ඩායමේ ප්‍රකාශකයෙකු මාධ්‍ය වෙත පවසා ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad