ගුවන් නියමුවරියක ලෙස පෙනී සිටිමින් නිවාඩු නිකේතනවල නවාතැන් ගෙන පොලු තියන කාන්තාවක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, August 2, 2018

ගුවන් නියමුවරියක ලෙස පෙනී සිටිමින් නිවාඩු නිකේතනවල නවාතැන් ගෙන පොලු තියන කාන්තාවක්

ගුවන් නියමුවරියක් බව පවසමින් සුඛෝපභෝගී නිවාඩු නිකේතන හා නිවාසවල නවාතැන් ගනිමින් මුදල් වංචා කරන බව කියන සැකකටයුතු රූමත් තරුණියක් මාස තුනකට ආසන්න කාලයක් තම නිවාඩු නිකේතනයේ
රැඳී සිටිමින් රුපියල් 65,000ක කාමර කුලිය නොගෙවා නතර වී සිටි කාමරයේ දොරගුළු දමා පලාගොස් ඇති බව කියමින් අනුරාධපුර හරිස්චන්ද්‍ර මාවතේ පිහිටි ප්‍රසිද්ධ නිවාඩු නිකේතනයක හිමිකරුවකු අනුරාධපුර මූලස්ථාන පොලිසියේ විවිධ පැමිණිලි අංශයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.


කොළඹ නුගේගොඩ ප්‍රදේශයේ පදිංචිකාරියක් වන 38 හැවිරිදි මේ තරුණිය මීට මාස තුනකට පමණ ඉහතදී සිය නිවාඩු නික්තනයට පැමිණ එහි වායුසමීකරණය කරන ලද කාමරයක් දෛනික කුලී පදනමට ලබාගෙන රැදී සිටි බවත් පසුව ඇය මුදල් නොගෙවා පලා යමට උත්සාහ කළ අවස්ථාවේ එය වළකාලූ බවත් පවසමින් එම ආයතනයේ හිමිකරු වන ගාමිණී පතිරාජ මහතා අනුරාධපුර මූලස්ථාන පොලිසියට පැමිණිල්ලක් කර තිබිණි.

 මාස කීපයක් සිය නිවාඩු නිකේතනයේ රැදී සිටි එම කාන්තාව දිනක් බඩු බාහිරාදිය පටවාගෙන මුදල් නොගෙවා පිටව යෑමට උත්සාහ කළ අවස්ථාවේ ඊට විරෝධය පෑම නිසා ඇය නැවතත් එහි රැඳී සිටි බවත් පැමිණිලිකරු පොලිසියට පවසා තිබිණි. පසුව අත්බෑගයක් රැගෙන පිටව ගොස් සති කිහිපයක් ගතවුවත් ඇය නැවත නිවාඩු නිකේතනයට නොපැමිණි බව පැමිණිල්ලේ සඳහන් කර තිබිණි.

සැකකාර කාන්තාව අනුරාධපුර නගරයේ විවිධ ස්ථානවලට ගොස් තාවකාලිකව නවාතැන් ලබාගෙන මුදල් නොගෙවා පිරිමින් සමඟ ගැටුම් ඇති කරගෙන ඔවුන් ලිංගික අතවර සිදුකළ බව පවසමින් පොලිසියට බොරු පැමිණිලි ඉදිරිපත් කර පුද්ගලයන් අපහසුතාවට පත් කරන්නියක් බව පොලිසිය පැවැසුවේය. ඇයට විරුද්ධව අනුරාධපුර මූලස්ථාන පොලිසිය මුදල් වංචා කිරීම්, කලකෝලහල කිරීම සම්බන්ධයෙන් පැමිණිලි රැසක් ලැබී තිබෙන බවත් පොලිස් ස්ථානයට පැමිණි තමන් ගුවන් නියමුවරියක් බව කියමින් පරුෂ වචන කියමින් කෑකෝ ගසන තැනැත්තියක් බවත් පොලිසිය පැවැසුවේය.

ඇය සිදුකරන බොරු පැමිණිලි සම්බන්ධයෙන් පොලිසිය ක්‍රියාමාර්ග නොගත්විට ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරීන්ට හා පොලිස් මූලස්ථානයට ව්‍යාජ පෙත්සම් යවමින් නිලධාරින්ද අපහසුතාවට පත්කරන බව පොලිසිය පැවැසුවේය.සැකකාර තරුණ කාත්තාව නුගේගොඩ ප්‍රදේශයේ තිබූ සියලු ඉඩකඩම් රුපියල් කෝටි ගණනකට විකුණා අනුරාධපුරයට පැමිණ සිටින බවත් ඇගේ සැමියා හෙරොයින් ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වි රක්ෂිත බන්ධනාගාර ගතව සිටින අයකු බවත් පොලිසිය අනාවරණය කරගෙන තිබිණි.

සැකකාරිගේ පියා භාණ්ඩ හා මගී ප්‍රවාහන නෞකාවක කපිතාන්වරයකු වශයෙන් සේවය කරන අයකු බවද පොලිසිය තහවුරු කරගෙන තිබිණි.  එම කාන්තාව අත්අඩංගුවට ගැනීම සඳහා අනුරාධපුර මූලස්ථාන පොලීසියේ විවිධ පැමිණිලි අංශය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි

-මහේෂ් විජේසුරිය-

No comments:

Post a Comment

Post Bottom Ad