නින්ජා වෙසින් ඇවිත් කොට්ටාවේ බැංකුවක් කොල්ලකාලා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, June 21, 2018

නින්ජා වෙසින් ඇවිත් කොට්ටාවේ බැංකුවක් කොල්ලකාලා

කොටිටාව හොරණ පාරේ ව්‍යාපාර සංවර්ධන සමුපකාර බැංකුව පෙරේදා (19) දහවල් යතුරු පැදියකින් පැමිණි පුද්ගලයකු එහි කළමනාකාරවරිය ඇතුළු සේවිකාවන්ට පිස්තෝලයක් පෙන්වා බිය ගන්වා එහි තිබූ රුපියල්
හැත්තෑහත්

දහස් පන්සියයක මුදලක් කොල්ලකා පලාගොස් ඇතැයි කොට්ටාව පොලිසිය පවසයි.
මුහුණ ආවරණය කරගෙන පැමිණ ඇතැයි ද පොලිසිය කියයි.
උදෑසන 10.50 පමණ රුපියල් 1000 මාරු කිරිමට යැයි පවසා පුද්ගලයකු බැංකු ශාඛාවට පැමිණි පිටව ගොස් ඇති බවත් කොල්ලකරු එම පුද්ගලයාට සමාන පුද්ගලයකු බවත් විමර්ශනවල දී අනාවරණය වී ඇති බවද කියයි.
කොල්ලකරු මුදල් සේප්පුවට හෝ සේවිකාවන් කිසිවකුටත් අනතුරක් සිදු කර නමැත. සිද්ධියෙන් පසුව කොල්ලකරු කොට්ටාව දෙසට පලාගොස් ඇති බවද පොලිසිය කියයි..
සී.සී.ටී.වී. දර්ශන උපයෝගි කරගනිමින් සැකකරු අත්අඩංගුවට ගැනීමට පරික්ෂණ ආරමිභ කර ඇති බව පොලිසිය පවසයි.


No comments:

Post a Comment

Post Bottom Ad