පුද්ගලික බස් රථයක් හා ත‍්‍රිරෝද රථයක් එකිනෙක ගැටී ත‍්‍රිරෝද රථය ගිනි ගෙන එහි ගමන් කල බිළිදියක් ඇතුළු සිවු දෙනෙකු රෝහල් ගත කර ඇත. මෙම අනතුර සිදුව ඇත්තේ අම්බලන්තොට හම්බන්තොට වරාය පිවිසුම ආසන්නයේදීය.
ත‍්‍රිරෝද රථය එක්වරම ප‍්‍රධාන මාර්ගයට ඇතුළු කිරීම නිසා මෙම අනතුර සිදුව ඇත. අනතුරින් ත‍්‍රිරෝද රථය ගිනිගෙන එහි ගමන් ගත් එකම පවුලේ සිවු දෙනා බරපතල පිලිස්සුම් තුවාල ලබා ඇත. ත‍්‍රිරෝද රථය ගින්නෙන් දැවෙද්දී ඔවුන් බේරා ගැනීම සදහා අසල සිටි පුද්ගලයෙකු පැමිණ ඇති අතර ඔහු සදහන් කරන්නේ අසල සිටි අය පින්තූර ගනිමින් සිටියා විනා වතුර ටිකක් ගෙනැවිත් ගින්න නිවන්න හෝ උදවු නොකල බවයි.
මෙම පුද්ගලයාගේ අතද සැලකිය යුතු මට්ටමේ පිලිස්සුම් තුවාල ලබා තිබින. ඒ ගැන විමසීමේදී ඔහු කියා සිටියේ තමනට වූ තුවාලයට වඩා විශාල වේදනාවක් එම ගින්නට හසු වූ මිනිසුන්නට දැනෙන්නට ඇති බවයි.
Tuesday, April 17, 2018
බෝසත් මිනිසෙක් ගින්නට පැන සිවු දෙනෙකු බේරා ගනී.. පුස් මිනිසුන් ෆොටෝ ගනිති..[Video]
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment