අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවට අදාළ මෙහෙයුම් සිදුවන අතරතුර නව අග්‍රාමාත්‍යවරයකු තෝරා ගැනීමේ මෙහෙයුමකුත් සිදුවන බව දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
යම් හෙයකින් විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේදී ජයග්‍රහණය කළහොත් නව අග්‍රාමාත්‍යවරයා වශයෙන් පත්කළ යුත්තේ කවුරුන්ද කියා දේශපාලන කණ්ඩායම් කිහිපයක් දැනටමත් සාකච්ඡා ආරම්භ කර තිබේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමැතිවරුන් සාකච්ඡා කරමින් සිටින්නේ එවැනි අවස්ථාවකදී ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අග්‍රාමාත්‍යධුරයට යෝජනා කිරීමටයි. එසේ සාකච්ඡා කරන අතරතුර බල කෑදර කමට එස්.බි.දිසානායක මහතා සහ සුසිල් ප්‍රේම්ජයන්ත මහතා අගමැති සුට් මහන බව ශ්‍රීලනිප අභ්‍යන්තතර ආරංචි මාර්ග සදහන් කරයි.
එය සාර්ථක නොවුණහොත් කතානායක කරු ජයසූරිය මහතා අග්‍රාමාත්‍යධුරයට යෝජනා කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිහිපදෙනකුගේ අවධානය යොමු වී ඇති අතර ඒ සඳහා එක්සත් ජාතික පක්ෂයේ පිරිසකගේද සහාය ලබාගැනීමට හැකි තත්ත්වයක් පවතිනවාද කියා දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වෙයි. නමුත් එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර සාකච්ඡා තුල සදහන් වී ඇත්තේ එදා තනිවම නොගොස් 17 දෙනෙකුද රැගෙන පක්ෂය අනාථ කර ගොස් අද මෛත්‍රීගේ ඕනෑ එපාකම් හොර රහසේ ඉටු කරන කරූ වැනි ඩිල්කාරයන් මේ තනතුරට කොහෙත්ම සුදුසු නැති බවය.
නව අග්‍රාමාත්‍යවරයකු පත්කර ගැනීමට අවශ්‍ය වුණොත් අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතාගේ නම යෝජනා කිරීමටද එක්සත් ජාතික පක්ෂයේ සුළු පිරිසක් සූදානමින් සිටිති.
ඔවුන්ගෙන් වැඩි පිරිසක් එක්සත් ජාතික පක්ෂය ප්‍රතිසංවිධානය කළ යුතුයි යන මතයේ දැඩිව සිටින අය බවද වාර්තා වෙයි.
මේ අතර නව අග්‍රාමාත්‍යවරයකු අවශ්‍ය වුවහොත් ඒ සඳහා අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පත්කළ යුතු බවට ප්‍රකාශ කරන එජාපයේ මෙන්ම ශ්‍රීලනිපයේ කණ්ඩායම් මෙන්ම සිවිල් සංවිධාන කිහිපයක්ම සිටී. මේ කණ්ඩායමට දෙමළ හා මුස්ලිම් මන්ත්‍රිවරුන්ගේ පිරිසක් මෙන්ම පක්ෂ සහ සංවිධාන එක්ව සිටින බවද දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි. යහපාලනය වෙනුවෙන් දැඩිව පෙනී සිටින රාජපක්ෂ රෙජීමයේ මිනීමැරුම්, දුෂණ, වංචා වලට නිතිය ක්‍රියාත්මක කිරීමට සටන් කරන පුද්ගලයෙක් නිසාවෙන් සියලු පක්ෂ, සංවිධාන වල විශාල පිරිසක් අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පත් කල යුතුය යන්න පැහැදිලි ස්ථාවරයක සිටින බව අප වෙත තොරතුරු ලැබී ඇත.
18,348 Viewers
No comments:
Post a Comment