
ඔක්කොම එළියට බැහැලා
කටුනායක ගුවන්තොටේ සියලු වැඩ නවතී
අද 3 දහවල් කටුනායක ගුවන් තොටුපළේ සේවක විරෝධතාවයක් නිසා සියලු කටයුතු අකර්මන්‍යවී තිබේ.
ගුවන් තොටුපළ සේවකයින්ට වසර 3 කට වරක් රුපියල් 10000 ක වැටුප් වැඩිවීමක් සිදුවිය යුතු වුවත් අවුරුදු 6 කින් වැඩි කර නැති බවත් ඒ වෙනුවෙන් ඊයේ 2 කළ සංකේත වැඩවර්ජනයට ඇමති නිමල් සිරිපාල ද සිල්වා කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වීම නිසා
අද දහවල් 11 ට
ඒ අනුව මේ වනවිට ගුවන් තොටුපළේ පැමිණීමේ හා පිටවීමේ පර්යන්ත දෙකම වසා දමා ඇත.
පොලිසිය හමුදාව එස්ටීඑෆ් සියල්ල මේ වනවිට ගුවන් තොටුපළ අවට ආරක්ෂාවට යොදා ඇති අතර ගුවන් යානා ගොඩ බැස්සවීම පමණක් සිදුවන නමුත් ගුවන් ගතවීම හෝ අනෙක් රාජකාරී වැඩ සියල්ල නැවතී තිබේ.




No comments:
Post a Comment