ඩේවිඩ් වෝනර්ගෙන් හිස්වූ අයිපීඑල් අවස්ථාව කුසල් ප්‍රතික්ෂේප කරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, April 2, 2018

ඩේවිඩ් වෝනර්ගෙන් හිස්වූ අයිපීඑල් අවස්ථාව කුසල් ප්‍රතික්ෂේප කරයි


දිගින් දිගටම මුහුණ දුන් ශාරීරික ආබාධ වැලකට පසුව නැවතත් ජාතික කණ්ඩායමට ඇතුළත් වූ කුසල් ජනිත් පෙරේරා, වඩාත් හොඳ ටෙස්ට් ක්‍රීඩකයකු වීමේ බලාපොරොත්තු ඇතිව අයි.පී.එල්. තරගාවලිය අතහැරීමට
තීරණය කර තිබේ. සන්රයිසස් හයිද්‍රාබාද් පිල වෙනුවෙන් ක්‍රීඩා කිරීමට සූදානමින් සිටි ඩේවිඩ් වෝනර්ගේ ස්ථානය කුසල් පෙරේරාට ලැබිණ. එහෙත් බටහිර ඉන්දීය දුපත් සමූහයේදී පැවැත්වෙන ශ්‍රී ලංකා කණ්ඩායම්
ඊළඟ ටෙස්ට් තරගාවලියට එක්වීමේ බලාපොරොත්තු ඇතිව කුසල් එම අවස්ථාච ප්‍රතික්ෂේප

කර තිබේ. ශ්‍රී ලංකා කණ්ඩායමට මේ දිනවල විවේකයක් තිබුණද බටහිර ඉන්දීය සංචාරය සඳහා මැයි මස මුල් සතියේදී පුහුණුවීඹ ආරම්භ කරනු ඇත.
අන්තර් පළාත් තරගාවලියේදී දඹුල්ල කණ්ඩායමේ උපනායකයා වන නමුත් පසුගිය සිකුරාදා ආරම්භ වූ තරගයට ඇතුළත් වූ ක්‍රීඩකයන් 11 දෙනා අතර කුසල් ජනිත්
නොසිටියේය. වාර්තාවන ආකාරයට ඔහු කිසියම් අබාධයකට මුහුණ දී සිටී.
"එයා කොහොම වුණත් අඩුතරමේ සිවුදින තරගාවලියේ එක තරගයක් විත් ක්‍රීඩා කරාවි. විස්සයි- 20, එක්දින වගේම ටෙස්ට් කියන ආකාර තුනේදීම ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කිරීම එයාගේ අපේක්‍ෂවයි” යයි කළමණාකරු රවී ද සිල්වා මහතා පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad