බංගලියන් ප්‍රේමදාස ක්‍රීඩාගාරය කුඩු පට්ටම් කර පිටිය මැදට ඇවිත් තිසර පෙරේරාට තග දමති..! (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, March 17, 2018

බංගලියන් ප්‍රේමදාස ක්‍රීඩාගාරය කුඩු පට්ටම් කර පිටිය මැදට ඇවිත් තිසර පෙරේරාට තග දමති..! (VIDEO)



ඊයේ රාත්‍රියේ කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදි පැවති ශ‍්‍රී ලංකා බංග්ලාදේශ නිදහස් කුසලාන 20-20 තරගයෙන් පසු බංග්ලාදේශ ක‍්‍රීඩකයයන් විසින් ආර්. පේ‍්‍රමදාස පිටියේ ක‍්‍රීඩක විවේකාගාරයට දැඩි ලෙස හානි කර තිබේ.

තරගයේ අවසන් පන්දු වාරයේදී කණ්ඩායම් දෙනෙක් ක‍්‍රිඩකයන් අතර ඇති වූ දැඩි උණුසුම්කාරී තත්වයට ප‍්‍රතිචාරයක් ලෙස මෙය සිදු කරන්නට ඇති බවට මාධ්‍ය වාර්තා කරයි.

අදාල සිදුවීම නිසා තරගව සුළු වේලාවක් නතර කිරීමටද සිදුවූ අතර විනිසුරුවන්ටද ක‍්‍රීඩකයන් පාලනය කිරීමට නොහැකි තත්වයට පත් විය.

බංග්ලාදේශ අතිරේක ක‍්‍රීඩකයන් විසින් ශ‍්‍රී ලංකා නායක තිසර පෙරේරාට පිටිය මැදට පැමිණ බලපෑම් කිරීම නිසා මෙම තත්වය ඇති විය.

තරගයෙන් බංග්ලාදේශය ශ‍්‍රී ලංකාව පරදවමින් කඩුලු 2ක ජයක් ලබා අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තේ ශ‍්‍රී ලංකාව තරගාවලියෙන් ඉවතට ඇද දමමිනි.





No comments:

Post a Comment

Post Bottom Ad