මේ දිනවල සමාජයේ උණුසුම් වන කතාබහක් වී ඇත්තේ අගමැති රනිල්ට ගෙන ආ විශ්වාසභංගයයි. එය කරලියට පැමිණීමත් සමග රාජපක්ෂ රෙජීමයේ මිනීමැරුම්, වංචා, දුෂණ මෙන්ම රනිල් ප්‍රමුඛ ඔහුගේ ගජ මිතුරන් සහ එජාපයේ සමහරක් විසින් සිදු කල මහ බැංකු බැදුම්කර වංචාව, මෛත්‍රීගේ රුසියානු නැව් ගණුදෙනුව වැනි සමාජයට අමතක වී ගියේ අළු යට ගිනි මෙන්ය.. මෙම විශ්වාසභංගයත් සමග විවිධ දේශපාලඥයන් මෙන්ම විවිධ පාර්ශවයන් මේ වන විටත් විවිධ ස්ථාන වල රහසිගත මෙන්ම විවාත සාකච්ඡ පවත්වමින් සිටිති. අප මේ සදහන් කරන්නේ එවන් සිදු වූ සාකච්ඡවක් ඊයේ රාත්‍රියේ සිදු වුයේ සුප්‍රසිද්ධ ස්ථානයක් වන හිල්ටන් හෝටලයේදීය.
මේ සදහා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සමග ප්‍රසිද්ධ කෝටිපති ව්‍යාපාරිකයෙක් එක්ව සිට ඇත. මේ සාකච්ඡවේදී අගමැතිවරයාට ගෙන එනු ලබන විශ්වාසභංගය ගැන කතා කල ඇති අතර ඊටත් එහා ගිය කරුණක් ගැන කතා කර ඇත. ඒ ජනාධිපති මෛත්‍රී ගැනය. මේ විශ්වාසභංගයෙන් අනතුරුව සිදු කරන දේ ගැන නාමල් රාජපක්ෂ මෙසේ පවසා ඇත. අපි මේක ඉවර උන ගමන් හිටංකාරයට ෂොට් එකක් දෙනවා IMPEACHMENT (දෝෂාභියෝගය) එකක් ගේනවා. ඒකට හිටං ගහපු පොලිටිකල් ගේම් එකට විරුද්ධ තරහෙන් ඉන්න යුඑන්පී එකේ සෙට් එකේ හයිය අපිට ගන්න පුළුවන්. අපේ සෙට් එකත් ඉන්නවා. හිටංගේ සෙට් එකත් තාත්තට සපෝට් එකට අනිවාර්යෙන් එනවා. මොකද උන් දන්නවා තාත්තා ගාව හිටියම විතරයි මුන්ට උන්ට හොද කෑමක් කන්න පුළුවන් කියලා. ඕකට කොහොමත් ගේමක් දෙන්න ඕන මොකද ඕකා අපේ තාත්තාගෙන් SLFP එක ගලවලා ගත්තා. අනික සුසිල් මේ ගේමට බැහැපු එකෙන් අපිට ලොකු ගේමක් නැහැ. ඒ යකා ආවේ ඌට පෙට්‍රෝලියම් එක හිටං දුන්නේ නැ කියලා. නියම වැඩේ කියන්නේ මු පෙට්‍රෝලියම් එක ඉල්ලුවම හිටං කියලා තියනවා.ඔයාට කොමිස් කේස් FCIDයේ තියන නිසා මේක දෙන්න බැහැ කියලා මු ඒකට මලෙන් ඇවිත් තාත්තව හමු වුනා. කොහොම උනත් මුට අරින්නම ඕනා යන්න එම සාකච්චාවේදී නාමල් රාජපක්ෂ පවසා ඇත.
කෙසේ වෙතත් මෛත්‍රී මේ වෙලාවේ SLFP එකේ මහින්දවාදී සෙට් එකත් එක්ක ගහන්න යන ගේමෙන් අපට තේරුම් යන දෙයක් නම් මෛත්‍රී පොදු අපේක්ෂකයා වී ජනවාරි 8 ට ප්‍රථම දේශපාලන වේදිකාවල කියූ දෙයක් හෙට අනිද්දාට සිදු වෙන්න යන පෙරනිමිති පහල වී ඇති බවය. ඒ පොළවෙන් අඩි 6ක් යටට යන කතාවය.
7,332 Viewers
No comments:
Post a Comment