![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgWgfiqO1d30BHy-0ldD3dKOqaLeKGCzgpUM3DivFb0Nv9eRsb4V2Usf_WYIuSK1HkFgaLGeRgt_76LHy8ce8GQ272Ali4HcTBJrvr0JLHpyxWRAzDpdzqPYQ3khF_HaPQyERbBZUzrqYgb/s320/collage.png)
කැනඩාවේ පන්සලේ
බුදු පිළිමයක හිස කඩලා
කැනඩාවේ ඔටාවා නුවර බෞද්ධ පන්සලක පිහිටුවා තිබුණ බුදු පිළිමයක හිස කඩා දැමීමේ සිදුවීමක් නිසා ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ අරඹා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
සීබීසී පුවත් සේවා වාර්තා අනුව මෙම සිදුවීම සිදුව ඇත්තේ පසුගිය සිකුරාදා රාත්‍රියේය. ඔටාවා නුවර 1481, හෙරොන් පාර ලිපිනයේ පිහිටි හිල්ඩා ජයවර්ධනාරාමයේ ඉදිරිපිට පිහිටුවා තිබුණ මෙම අලංකාර බුදු පිළිමයට කිසිවකු විසින් යකඩ පොල්ලකින් පහරදී
මෙම විනාශය කරනු ලැබ ඇතැයි වාර්තාවේ දැක්වේ.
සිද්ධිය සිදුවූ සිකුරාදා දිනයේ එම විහාරස්ථානයේ පිංකමක්ද පවත්වමින් තිබී ඇති අතර කඩා බිඳදැමීම කරන්නට ඇත්තේ ඒ අතරවාරයේ විය හැකියයි සිද්ධිය සම්බන්ධ අදහස් දැක්වූ විහාරස්ථාන දායකයෙකු වන මනෝජ් ද සිල්වා මහතා දන්වා තිබේ.
පිළිමයේ හිසෙහි කඩා බිඳුණ කොටස් ඒ අසළම වැටී තිබුණ අතර ටිකක් ඈතට
මෙම විහාරස්ථානයේ වසර 20 ක ඉතිහාසය තුළ මෙවැනි සිදුවීමක් වාර්තා වී නැතැයිද ඒ නිසා බැතිමතුන් තුළ විශාල කම්පනයක් හටගෙන ඇතැයිද ද සිල්වා මහතා අදහස් පළ කර තිබේ.
අලංකාර හුරු බුහුටි මෙම බුදු පිළිමය ශ්‍රී ලංකාවෙන් ගෙන්වා සවිකර ඇත්තේ මීට මාස 4 කට පමණ පෙරදී වන අතර ඒ සඳහා ඩොලර් 8000 ක පමණ මුදලක් වැය කරන ලදැයිද ඔහු පවසා තිබේ. මෙම විහාරස්ථානයේ ස්වාමීන් වහ්නසේලා දෙනමක් වාසය කරන අතර ඔටාවා හා අවට බොහෝ බෞද්ධ බැතිමතුන් ඒ වෙත නිරන්තරයෙන් සම්බන්ධවී සිටී.
සිද්ධිය සම්බන්ධ සොයා බැලීමට කැනේඩියානු පොලිසිය සිදුවීමට පසුදින (සෙනසුරාදා) පැමිණ පරීක්ෂණ ඇරඹූ අතර තවම එය සිදුවෙමින් පවතී.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEibWZUfCs8Itm6QThP1Ks7FqeYfjSyZNGqt7fjJJhDkKOoL5UdfpQl_OGdDelUNsecKKnMEbsTEKyUG7gw-4GsSXxiTaRy2kwDGDAB3_kBd4ILNuWZnTsMzDx3wAtaycKfpqRTjAkH6xCsb/s1600/x2018-March-17%25285%2529.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiUzWMDBRmesFw-Oxlr7ida9b2zO3ZKuAbScNQfVH0SRw74kCqi7yI9ai91JVtYtRIJ_ADBGQvzBJKhXP7eNjLXNR7vJYPJHAAKfMz2xf5fdBDVNOSG8szfJwZ32gcAQzBYTTmtyZd5laX7/s1600/2.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiXK9Ugq8vuimgZQUrzUIfKoiwOSonv9y20965wEixx-UZK8dKsjo5JPGj_bdExNiK5nng3iRjZZqVH3q3mEI6H55RxLg_u-6LKvxpSwlOIl3JRchTHvzURc3DPAx4Eb3A_R8Nqh2GDAGlT/s1600/unnamed.jpg)
No comments:
Post a Comment