ඕස්ටේ‍්‍රලියාවේ ප‍්‍රාන්ත ක‍්‍රිකට් තරගයක දී පසුගිය දා බවුන්සර් පන්දුවක් හිසේ වැදී තුවාල ලබා රොහල් ගත කළ ටෙස්ට් ක‍්‍රිකට් ක‍්‍රීඩක Phillip Hughes මරණයට පත් වූයේ ක්‍රිකට් ක්‍රීඩකයින් මෙන් ම ක්‍රීඩා ලෝලීන්ද මහත් සෝචනීය තත්ත්වයකට පත් කරමිනි.
ඔහු ඕස්ටේ‍්‍රලියාවේ නිව් සවුත්වේල්ස් ප‍්‍රාන්තය නියෝජනය කරන Phillip Hughes ටෙස්ට් තරග 26 කට සහභාගි වී ශතක 03 ක් සමග ලකුණු 1,535 ක් රැස් කරගෙන සිටියේ ය. මේ වනවිට ඔහුගේ හදිසි මරණය සම්බන්ධයෙන් මුළු ලොවම කම්පනයට පත් ව ඇත.
කි‍්‍රකට් තරගයකට සහභාගි වෙමින් සිටිය දී සිදු වූ අනතුරු හේතුවෙන් මරණයට පත් වූ ලොව ප්‍රථම ක්‍රීඩකයා Phillip Hughes නොවේ. ඒ අතර කි‍්‍රකට් කී‍්‍රඩකයෝ මෙන් ම විනිසුරුවෝ ද වෙති.
80 දශකයේ දී ශී‍්‍ර ලංකාවේ ඉතාමත් දක්‍ෂ පාසල් කි‍්‍රකට් කී‍්‍රඩකයකුව සිටි මලික් අලස් ද කි‍්‍රකට් පුහුණුවීම් කරමින් සිටිය දී පන්දුව වැදීම හේතුවෙන් සිදු වූ අනතුරකින් හේතුවෙන් මරණයට පත් විය.
කි‍්‍රකට් තරගයකට සහභාගි වෙමින් සිටිය දී සිදු වූ අනතුරු හේතුවෙන් මෙලොව හැර ගිය කී‍්‍රඩකයෝ සහ විනිසුරුවරු මෙසේය.
2014 - Phillip Hughes (ඕස්ටේ‍්‍රලියාව - වයස 25)
ෂෙෆීල්ඞ් පළිහ තරගයකට සහභාගි වෙමින් සිටිය දී බවුන්සර් පන්දුවක් හිසේ වැදීමෙන් පසු රෝහල් ගත කර තිබේ. මොළයේ රුධිර වහනයක් වැළැක්වීම සඳහා සැත්කමකට ලක් කළ ද දින 02 කින් අනතුරු ව ඔහු මෙලොව හැර ගොස් ඇත.
2013 - ඩැරින් රැන්ඩල් (දකුණු අපි‍්‍රකාව - වයස 32)
දේශීය තරගයකට සහභාගි වෙමින් සිටිය දී ගැසු පුල් පහරක් වැරදී යාමෙන් පන්දුව හිසේ පසෙක වැදීමෙන් පසු පිටිය මැද ඇදවැටුණු අතර ඉතා ඉක්මනින් රෝහලට ගෙන ගිය ද ජීවත්වීමට වාසනාව නොතිබිණ.
2013 - සුල්ෆිකාර් භාති (පාකිස්තානය - වයස 22)
පාකිස්තානයේ සින්ද් පළාතේ සුකුර් නගරයේ දී පැවැති තරගයක දී පන්දුවට පහර දෙමින් සිටි අවස්ථාවේ දී පන්දුව පපුව ප‍්‍රදේශයේ වැදීමෙන් පසුව පිටිය මැද ඇද වැටිණ. ඉතා ඉක්මනින් රෝහලට ගෙන ගිය ද රෝහල ගෙන යන අවස්ථාවේදීත් මියගොස් සිටි බව වාර්තා වේ.
2012 - රිචඩ් බියුමන්ට් (එංගලන්තය - වයස 33)
වේග පන්දු යවන්නකු වූ රිචඩ් අන්තර් කී‍්‍රඩා සමාජ තරගයක දී කඩුළු 05 ක් දවාගෙන සිටිය ද එම තරගයේ දී ඇති වූ හෘදයාබාධයකින් පිටිය මැදදීම ඇදවැටුණේ ය. බර්මින්හැම්හි එළිසබෙත් රැජිණ රෝහලට සැණෙකින් රැගෙන ගිය ද ඉතා ඉක්මනින් අවසන් හුස්ම හෙළී ය.
2009 - ඇල්සින් ජෙන්කින්ස් (එංගලන්තය - වයස 72)
එංගලන්තයේ ස්වෝන්සිහිදී පැවැති තරගයක් විනිශ්චය කරමින් සිටිය දී පන්දු රකින්නකු විසින් කඩුල්ලට වීසි කරන ලද පන්දුවක් හිසේ වැදීමෙන් පිටිය මැද ඇද වැටිණ. ඉතා ඉක්මනින් ගුවන් මගින් රෝහලට ගෙන ගිය ද ජීවත් වීමට නොහැකි වී තිබේ.
2006 - වසිම් රාජා (පාකිස්තානය - වයස 54)
පාකිස්තානු පිලේ හිටපු විශිෂ්ටතම ආරම්භක පිතිකරුවකු වූ වසිම් රාජා (ප‍්‍රකට විස්තර විචාරක රමීස් රාජාගේ වැඩිමහල් සෙහොයුරා) පසු ව අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ තරග තීරකයකු ලෙස ද කටයුතු කළේ ය. එංගලන්තයේ සරේ ප‍්‍රාන්තයේ වයස 50 ට වැඩි කණ්ඩායම වෙනුවෙන් බකින්හැම්ෂයර්හි කී‍්‍රඩා කරමින් සිටිය දී හෘයාබාධයක් වැළඳීමෙන් පිටිය මැද ඇද වැටී අවසන් හුස්ම හෙළී ය.
1998 - රාමන් ලම්බා (ඉන්දියාව - වයස 38)
ඉන්දීය පිලේ හිටපු ආරම්භක පිතිකරුවා වූ රාමන් ලම්බා බංග්ලාදේශයේ ඩකා නුවර පැවැති දේශීය තරගක දී කඩුල්ල අසළ පන්දු රකිමින් සිටිය දී පන්දුව හිසේ වැදීම නිසා මොළයට ඇති වූ තුවාල හේතුවෙන් මෙලොව හැර ගියේ ය.
1993 - ඉයන් ෆොලී (එංලගන්තය - වයස 30)
වමතින් පා දග පන්දු යවන්නකු වූ ෆොලී තරගයක දී ‘හුක්’ පහරක් ගැසීමට යාමේ දී පන්දුව ඇසට යටින් වැදීම නිසා රෝහල් ගත කෙරිණ. රෝහලේ දී සිහිනැති කිරීම සඳහා ඖෂධ ලබා සිටිය දී ඇති වූ හෘදයාබාධයකින් අවසන් හුස්ම හෙළීය.
1989 - විල්ෆ‍්‍රඩ් ස්ලැක් (එංගලන්තය - වයස 34)
එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් කී‍්‍රඩා කළ මිඩ්ල්සෙක්ස් ප‍්‍රාන්තයේ ආරම්භක පිතිකරුවා ගැම්බියාවේ දී කි‍්‍රකට් තරගයක පන්දුවට පහර දෙමින් සිටිය දී හදිසියේම තණතීරුව මත ඇදවැටීමෙන් මිය ගියේ ය. ඊට පෙර අවස්ථා 04 ක දීම ඔහු කි‍්‍රකට් පිටියේ දී ම හදිසියේ සිහි විසංඥ තත්ත්වයන්ට පත් වී ඇති නමුත් පරීක්‍ෂණවලින් ඔහුගේ මරණයට හේතුව සොයාගත නොහැකි විය.
1959 - අබ්දුල් අසීස් (පාකිස්තානය - වයස 18)
කරච්චියේදී පැවැති දේශීය තරගයක දී පන්දුව පපුව ප‍්‍රදේශයේ වැදීම නිසා පිටිය මැද ඇද වැටීමෙන් දිවියෙන් සමුගත්තේ ය. ඉතා ඉක්මනින් රෝහලට ගෙන ගිය ද ඒ වනවිටත් මියගොස් සිටියේ ය.
1942 - ඇන්ඩි ඩකට් (එංගලන්තය - වයස 56)
එංගලන්තය වෙනුවෙන් එකම ටෙස්ට් තරගයකට සහභාගි වූ ඇන්ඩි ලෝඩ්ස්හිදී පැවැති තරගයකට සහභාගි වෙමින් සිටිය දී හෘදයාබාධයක් හේතුවෙන් පිටිය මැද ඇද වැටී අවසන් හුස්ම හෙළී ය.
1870 - ජෝර්ජ් සමර්ස් (එංගලන්තය - වයස 25)
නොටිංහැම්ෂයර් කණ්ඩායම වෙනුවෙන් කී‍්‍රඩා කළ ජෝර්ජ් සමර්ස්, එම්සීසී පිලට එරෙහිව ලෝඩ්ස් කී‍්‍රඩාංගණයේ දී පැවැති තරගයකට සහභාගි වෙමින් සිටියදී පන්දුව හිසේ වැදීම නිසා ඇති වූ තත්ත්වයන් හේතුවෙන් දින කිහිපයකට පසුව මිය ගියේ ය.
මරාන්තික බවුන්සර් පන්දුවට මුහුණ දුන් ක්‍රීඩකයින්ගේ වීඩියෝව පහළින් නරඹන්න....
No comments:
Post a Comment