දෙරණ හිමිකරු බැදුම්කර පත්තරේ මිලදී ගනී.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, February 1, 2018

දෙරණ හිමිකරු බැදුම්කර පත්තරේ මිලදී ගනී..

බැදුම්කර මගඩියෙවන් උපයා ගන්නා ලද මුදලින් ආරම්භ කරන ලද ‘ජනයුගය’ පුවත්පත මේ වන විට මුද‍්‍රණ කටයුතු අත්හිටුවා තිබේ.

පුවත්පතේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස් විසින් එහි කතෘ මණ්ඩලය කැදවා දන්වා ඇත්තේ තව දුරටත් පවත්පත කරගෙන යාම සදහා හැකියාවක් නොමැති නිසා නව කලමණාකාරීත්වයක් යටතට පුවත්පත පත් කරන බවයි.

මෙරට ප‍්‍රකට ව්‍යාපාරිකයෙකු වන දිලිත් ජයවීර යටතට පුවත්පත පත් කරන බවද ඔහු දන්වා ඇති අතර ඔහු සමග ඉදිරියට කටයුතු කරගෙන යන ලෙසද ඔහු ඉල්ලා ඇත. ඒ අනුව ඉදිරියේදී ජනයුගය වෙනුවට ‘දෙරණ’ නමින් පුවත්පත වෙළදපලය නිකුත් කරනු ඇතැයිද වාර්තා වන අතර ඉංග‍්‍රිසි මාධ්‍ය පුවපත්පතක්ද ආරම්භ කරනු ඇති බව සදහන්ය.

මෙවර පලාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්‍ෂයේ ප‍්‍රචාරක කොන්ත‍්‍රාත්තුවද ලබා දී ඇත්තේ දිලිත් ජයවරී මහතාගේ ට‍්‍රයි ඇඩ් ආයතනයටයි.

No comments:

Post a Comment

Post Bottom Ad