ඉන්දියානු තරුණයාගේ දුම්රිය අනතුරු සෙල්ෆිය හදපු එකක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, February 2, 2018

ඉන්දියානු තරුණයාගේ දුම්රිය අනතුරු සෙල්ෆිය හදපු එකක්

පසුගිය දිනවල අන්තර්ජාලය තුළ විශාල ලෙස කථාබහට ලක්වුණ සෙල්ෆියක් ලබාගන්නට යද්දී ඉන්දීය තරුණයෙකු දුම්රියක හැපී තුවාල වුණ බවට දැක්වුණ වීඩියෝව ඔහු සහ මිතුරන් පිරිසක් නිර්මාණය කළ එකක් බව ඉන්දියා ටයිම්ස් වෙබ් අඩවිය වාර්තා කර තිබේ.


එම තරුණයා දුම්රියට ආසන්න වන ලෙස සිටගෙන එම සෙල්ෆි වීඩියෝව ලබාගෙන ඇති නමුත් හැපී නැති අතර ඔහු හැපෙන ආකාරයට සකස්කළ වීඩියෝ දර්ශන එයට අමුනා එය අන්තර්ජාලය තුළ ජනප්‍රිය කරවීමට මුදාහැර ඇති බව දැන් වාර්තාවේ.
කෙසේ වෙතත් මෙම අනතුර නිසා ඔහු රෝහල්ගත කළ බවට පවා ඉන්දීය මාධ්‍ය වාර්තා පළව තිබුණි.
මෙම තරුණයා ඉන්දියාවේ මදපූර්හි ක්‍රීඩාගාරයක ශාරීරික ව්‍යායාම පුහුණු කරවන්නෙකු ලෙස රැකියාව කරන අයෙකු බවත් ඔහු මිතුරන් පිරිසක් සමග එක්වී මෙම වීඩියෝව තනා ඇති බවත් පැවසේ. ඔහු එය තනන්නට පෙර එම ස්ථානය අසළදී මිතුරන් සමග ඒ ගැන සාකච්ඡා කරමින් සිටි වීඩියෝවක් සොයාගන්නට ඒබීඑන් තෙලිඟු නිවුස් ආයතනයේ ජනමාධ්‍ය වේදිනියකට හැකිවූ අතර ඇය එය පළ කර සත්‍යය හෙළිදරව් කර තිබේ.
මෙම පුද්ගලයා දැන් අතුරුදන්ව සිටින බවත් වැරදි තොරතුරු සමාජගත කිරීම නිසා ඉදිරියේ අත්අඩංගුවට පත්වනු ඇති බවත් ඉන්දීය වාර්තා සඳහන් කර තිබේ.
පහත පළවන්නේ එම තරුණයා වීඩියෝව තැනීම ගැන මිතුරන් හා සාකච්ඡා කළ අවස්ථාව හා අදාල සකස්කළ වීඩියොවයි.

No comments:

Post a Comment

Post Bottom Ad