‘අපි ඒ පැත්තට යන්නේ නැහැ.. එයාලට මේ පැත්තට එන්න වෙනවා’ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, February 1, 2018

‘අපි ඒ පැත්තට යන්නේ නැහැ.. එයාලට මේ පැත්තට එන්න වෙනවා’

මේ අවුරුදු තුන ඇතුළත මේ ආණ්ඩුව රුපියල් ටි‍්‍රලියන ගණනක් හොරකම් කරල තියෙනවා කියලා ජනාධිපතිතුමා කියනවා. ලංකාවට ලැබුණු සල්ලි මහා භාණ්ඩාගාරයේ දාන්නෙ නැතිව පෞද්ගලික ගිණුම්වල දාගෙන කියලා ජනාධිපතිවරයා චෝදනා කරනවා යැයි හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද රාජපක්ෂ මහතා පසුගියදා මතුගමදී කීවේය.

ජනහමුව අමතා මහින්ද රාජපක්ෂ මහතා මෙසේද කීවේය.

ජනාධිපතිතුමා අගමැතිට හොරා කියනවා. අගමැතිගෙ ගෝලයො ටික ජනාධිපතිට පික් පොකට්කාරය කියලා කියනවා අපි රූපවාහිනිය පත්තරවලින් දකිනවා. මෙහෙම වෙන්නේ ඇයි කියලා අපිට හිතාගන්න බැහැ. මගේ ආණ්ඩු කාලෙ මැතිවරණවලදී මම ලංකා ගමනාගමන මණ්ඩලයට ගෙව්වේ නැහැ කියලා චෝදනා කරනවා. ස්වාධීන රූපවාහිනියට ගෙව්වෙ නැහැ කියලා නඩු දානව කියල කියනවා. මම ජනාධිපතිකමත් ජනාධිපති අපේක්ෂකකමත් කළා. මම ඒ ඒ ආයතනවලින් සේවා ලබාගන්න කොමිටි පත් කරලා තිබුණා. 

ඒවායේ ප්‍රධානියා වෙලා හිටියෙ ආප්ප කාල පැනල ගිය සිරිසේන මහත්තයම තමයි. අර මහා හොරකම වහන්න මේව ඉදිරිපත් කරන්න හදනවා. රටේ ජනාධිපතිට එහෙන් බනිනවා. මෙහෙන් බනිනවා. රටේ නීතිය මොන තරම් පිරිහිලාද? කාලකණ්ණි ආණ්ඩුවක් කියනවා. ආණ්ඩුවක් නෙවෙයි පාණ්ඩු ආණ්ඩුවක් කියනවා. හැබැයි මේ පාණ්ඩු කාලකණ්ණි ආණ්ඩුවෙන් මේ එකෙක්වත් අයින් වෙන්නෙ නැති එකයි වැඩේ. අපි නම් ඔය පැත්තට යන්නෙ නැහැ. එයාලට එන්න කියලයි අපි කියන්නෙ.

කොහොම වුණත් පළාත් පාලන ඡන්දයේ ප්‍රතිඵලත් සමඟ එයාලට මේ පැත්තට එන්න වෙනවා. නැත්නම් ගෙදර යන්න වෙනවා. රටේ පාලකයා විනයක්, පාලනයක් ඇතිව කතා කරන්න ඕනා. ජනාධිපතිවරයෙක් වුණාම වගකීමක් ඇතිව වැදගත්කමක් ඇතිව කතා කළ යුතුයි. ඒ විතරක් නෙවෙයි කාන්තාවන්ට රාත්‍රියේදී වයින් ස්ටෝර්ස්වල වැඩ කරන්නත් අවස්ථාව දෙන්න උත්සාහ කළා. රජයේ පාසල් 11,000කට සම අයිතිවාසිකම් කියා දෙනවා කියලා මේ රටේ සංස්කෘතිය සභ්‍යත්වය විනාශ කරන්න සැලැසුම් කර තිබෙනවා. 

රටේ ජීවනාලිය වූ තරුණ පරපුර විනාශකාරී වැඩපිළිවෙළකට රැගෙන ගිහිල්ල ජනගහනය අඩු කරලා ජාතියේ විනාශය ළං කරන්න උත්සාහ කරනවා. මේ වැඩසටහනේ ප්‍රධාන කාර්යාලය තියෙන්නෙ අරලියගහ මන්දිරයෙයි. ජනතාව ඡන්දය දුන්නෙ සමලිංගික අවශ්‍යතා ප්‍රචලිත කිරීමට නෙවෙයි. පොඩි එකාට හැදෙන බර වගේ අවුරුදු තුනක් ගිහිල්ල ණය බරයි ණය බරයි ණය බරයි කියනවා. මට භාරදුන්නෙ යුද්ධයක්. ලෝක ආර්ථිකය කඩා වැටෙමින් තිබුණා. මම ණය බරයි ණය බරයි කිය කියා හිටියෙ නැහැ. එදා ණය අරගෙන රට සංවර්ධනය කළා. 

නමුත් මේ අය ඊට වඩා ණය අරගෙන කරපු දෙයක් නැහැ. ජනාධිපති කියනවා ආර්ථිකය කඩල බිඳල දාල කියලා. මේ රටේ ආර්ථිකය පාලනය කරගන්න බැරි පාලකයො අපට බැන බැන ෆයිල් උස්ස උස්ස ඉන්නවා. කාව හරි උසාවි දාන්න කෑ ගසමින් කේ‍රා්ධයෙන් වෛරයෙන් ඉන්නවා හැර කළ දෙයක් නැහැ. මේ පළාත් පාලන ඡන්දයේදී අප දිනවල දෙන්න. ඉතුරු ටික අපි කරල දෙන්නම්. රට වටේම යනකොට ජනතාවගේ තීන්දුව ඉතා පැහැදිලියි. පෙබරවාරි 10 වැනිදා මේ රටේ ජනතාව පොහොට්ටුව දිනවන්න පෙළ ගැසී සිටින බව අපිට පේනවා. පොහොට්ටුව දිනවල දෙන්න ඊට පස්සෙ කරන්න ඕන ටික අපි කරල දෙන්නම්.

No comments:

Post a Comment

Post Bottom Ad