‘ශ‍්‍රී ලංකාව දින්නේ හොර කරලා’ – බංගලාදේශයේ ක්‍රිකට් ආයතනයෙන් චෝදනාවක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, February 1, 2018

‘ශ‍්‍රී ලංකාව දින්නේ හොර කරලා’ – බංගලාදේශයේ ක්‍රිකට් ආයතනයෙන් චෝදනාවක්

ශ්‍රී ලංකා බංගලාදේශ සහ සිම්බාබ්වේ කණ්ඩායම් සහභාගී වූ තුන්කොන් ක්‍රිකට් තරඟාවලිය අවසාන තරඟය ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගත්තේ දුර්වල තණතිල්ලක් සකස් කිරීම නිසා බව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් විනිසුරුවකු සහ වර්තමානයේ බංගලාදේශයේ මීන්පුර් ක්‍රීඩාංගනයේ තණතිලි බාරකරු ලෙස කටයුතු කරන ගාමිණි සිල්වා මහතාට චෝදනා එල්ල වී ඇත.

මෙම තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලබාගත් ලකුණු 222 ක හඹාගිය බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායම ලකුණු 142 කට දැවී ගිය අතර අවසන් තරඟයට බංගලාදේශ කණ්ඩායම අපේක්ෂාවෙන් සිටියේ පිතිකරුවන්ගේ තණතිල්ලක් නිසා මෙම අනපේක්ෂිත සිද්දියට ගාමිණී සිල්වාට චෝදනා එල්ල වී ඇත. බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ මාද්‍ය කමිටුවේ සභාපති ජලාල් යූනුස් පවසා ඇත්තේ මෙම සිදුවීම ගැන ගාමිණී සිල්වාගෙන් ප්‍රශ්න කල යුතු බවය. 

“ගාමිණීගෙන් ඒ වගේ තණතිල්ල හැසිරුණේ ඇයිදැයි කියන එක අපි දැනගන්නට ඕනෑ.” පළමු වටයේ ශ්‍රී ලංකා පන්දු යවන්නන් හමුවේ ලකුණු 320ක් ලබාගත් බංගලාදේශ පිතිකරුවන් ඉන් පසු තරඟ දෙකේම ලකුණු එකතුවත් ලකුණු 250ක් ලබාගැනීමට නොහැකි වීම නිසා බංගලාදේශය මෙලෙස පරාජයට්හේතුව තණතිල්ල බවට චෝදනා කිරීමට හේතු වී ඇත. “එහේ අපි ඔය පන්දු යවන්නොන්ටම ලකුණු 320 ක් ලබා ගත්තා.,ඒ විදියට තිබුන තණතිල්ලක් අවසානයේ මෙහෙම හැසිරුනේ කොහොමද .”

2011 වසරේ සිට ෂෙරීඊ-බංග්ලා ජාතික ක්‍රීඩාංගනය භාරව සිටින ගාමිණී සිල්වා BPL තරඟාවලියේ පන්දු යවන්නන්ට හිතකර තණතිලි සකස් කිරීම පිළිබඳවද දෝෂ දර්ශනයට ලක්වූ අතර , බංගලාදේශ කණ්ඩායම විසින් ඕස්ට්‍රේලියා කණ්ඩායම පරාජයට පත්කළ තරඟයේ ද ICC ය විසින් ක්‍රීඩාංගනය සම්භන්දයෙන් චෝදනා එල්ල කරන ආකාරය දැකගත හැකි විය.

No comments:

Post a Comment

Post Bottom Ad