මිලියන 85 ක මුදලක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ගිවිසුමට ඇතුලත් කරගත් ක්‍රීඩකයන් මෙන්න….. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, February 6, 2018

මිලියන 85 ක මුදලක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ගිවිසුමට ඇතුලත් කරගත් ක්‍රීඩකයන් මෙන්න…..

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දේශීය පළමුපෙළ ක්‍රීඩා කරන ක්‍රීඩකයන් 104 දෙනෙකු ශ්‍රී ලංකා ක්‍රිකට් පළමුපෙළ ගිවිසුමට ඇතුලත් කරගෙන ඇති අතර මේ සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් රුපියල් මිලියන 85 ක මුදලක් වැය කිරීමට අපේක්ෂා කරන බවද දැනගන්නට ඇත.

පහත දැක්වෙන නිර්නායක මත ක‍්‍රීඩකයින් තෝරා ගනු ලැබීය..

1. තවමත් දේශීය ක‍්‍රිකට් පිටියේ ක‍්‍රීඩා කරන ජාතික කණ්ඩායම නියෝජනය කළ හිටපු ක‍්‍රීඩකයින් 15 දෙනෙකු පළමු කාණ්ඩයටත්,

2. ජාතික කණ්ඩායමේ ක‍්‍රිකට් ගිවිසුමේ නොමැති මෑත කාලයේ ශ‍්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළ ක‍්‍රීඩකයින් 17 දෙනෙකු දෙවැනි කාණ්ඩයටත්,

3.දේශීය ක‍්‍රිකට් පිටියේ දක්ෂතා දක්වන ක‍්‍රීඩකයින් 23දෙනෙක් තෙවැනි කාණ්ඩයටත්,

4. 2016/17 වර්ෂයේ දේශීය ක‍්‍රිකට් පිටියේ දක්ෂතා දැක්වූ පළමු පෙළ ක‍්‍රීඩකයින් 20 දෙනෙක් සිව්වැනි කාණ්ඩයටත්,

5. වයස අවුරුදු 19න් පහළ ක‍්‍රීඩකයින් 23 දෙනෙක් පස්වැනි කාණ්ඩයටත් ඇතුළත් කර ඇත.

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය විසින් ඉහත කී වාර්ෂික ගිවිසුමට අමතරව සියලු ක‍්‍රීඩකයින් ඔවුන්ගේ ක‍්‍රීඩා සමාජ විසින් ලබාදෙන සාමාන්‍ය මුල්‍ය ආධාර සදහා හිමිකම් කියනු ලැබේ.

1.Senior Category

සුරාජ් රන්දිව්, ශාමින්ද එරංග, ෆර්වීස් මහරුෆ්, ජීවන් මෙන්ඩිස්, තරංග පරණවිතාන, නුවන් කුලසේකර, මහේල උඩවත්ත, කෝසල කුලසේකර, සජීව වීරකෝන්, සචිත්‍ර සේනානායක, චාමර සිල්වා, ටී.එන්. සම්පත්, හසන්ත ප්‍රනාන්දු, චරිත බුද්ධික, දිනුක හෙට්ටිආරච්චි.

2.National Probable Category

විකුම් සංජය, වනිඳු හසරංග, ඉසුරු උදාන. සචිත් පතිරණ, මිලින්ද සිරිවර්ධන, අෂාන් ප්‍රියංජන, අසිත ප්‍රනාන්දු , දුෂ්මන්ත චමීර , ලහිරු කුමාර, කෞෂාල් සිල්වා, චාමර කපුගෙදර, සඳුන් වීරක්කොඩි, ධම්මික ප්‍රසාත් , ඩිල්ෂාන් මුණවීර, ලහිරු මධුශංක, අමිල අපොන්සු, චතුරංග ද සිල්වා

3.Emerging Category

මාධව වර්ණපුර, ඇන්ජලෝ ජයසිංහ, ප්‍රබාත් ජයසූරිය, රුමේෂ් බුද්ධික, සම්මු අෂාන්, කසුන් මධුශංක, නීසල තාරක, ෂෙහාන් මධුශංක, විමුක්ති පෙරේරා, චාමික කරුණාරත්න, හෂාන් දුමිඳු, භානුක රාජපක්ෂ, ලහිරු මිලන්ත, චරිත් අසලංක, කිත්රුවන් විතානගේ, රමිත් රඹුක්වැල්ල, තක්ෂිල ද සිල්වා, උදාර ජයසුන්දර, බිනුර ප්‍රනාන්දු, කසුන් රාජිත, තරිඳු කෞෂාල්, චමින්ද බණ්ඩාර, ප්‍රියමාල් පෙරේරා.

4.Domestic Performance Category

නිපුන් කරුණානායක, ඇන්ජලෝ පෙරේරා, ෂෙහාන් ජයසූරිය, රොන් චන්ද්‍රගුප්ත, ධනුෂ් රොඩොඩිත් ද සිල්වා, අලංකාර අසංක, සචිත්‍ර සේරසිංහ, දුෂාන් විමුක්ති, ලියෝ ෆ්රැන්සිස්කෝ, මනෝජ් සරත්චන්ද්ර, මිනෝද් භානුක, ලසිත් අබේරත්න, සමීර සොයිසා, හෂාන් ප්‍රභාත්, යොහාන් ද සිල්වා, චාමිකර එදිරිසිංහ, චානක කොමාසාරු, නවීන් කවිකර, ගයාන් සිරිසෝම.

5.U19 Age Category

කමිඳු මෙන්ඩිස්, ධනංජය ලක්ෂාන්, සන්තූෂ් ගුණතිලක, හසිත බෝයගොඩ, නුවනිදු ප්‍රනාන්දු, නිපුන් ධනංජය, අශේන් බණ්ඩාර, ක්‍රිෂාන් සංජුල , නිශාන් මධුෂ්ක, ජෙහාන් ඩැනියල්, ප්‍රවීන් ජයවික්‍රම , තිසරු රෂ්මික, කලන පෙරේරා, නිපුන් මාලිංග, හරීන් බුද්ධිල, තිලාන් ප්‍රශාන්, රවිඳු සංජන ,සන්ජු අබේවික්‍රම , අයන සිරිවර්ධන, රන්දීර් රණසිංහ, විශ්ව චතුරංග, කමිල් මිෂාර,හේෂන් හෙට්ටිආරච්චි, සංජීව් ප්‍රියදර්ශන, නිපුන් ලක්ෂාන්, නිපුන් රන්සික, නිපුන් සුමනසිංහ, රෙහාන් කෙලී, කෙවින් කොත්තිගොඩ

No comments:

Post a Comment

Post Bottom Ad