ක‍්‍රිකට් පිටිය උඩු යටිකුරු කල සුපිරි පන්දු රැකීම මෙන්න(VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, January 23, 2018

ක‍්‍රිකට් පිටිය උඩු යටිකුරු කල සුපිරි පන්දු රැකීම මෙන්න(VIDEO)

ඔස්ටෙ‍්‍ර්ලියාවේ පැවැත්වෙන බිග්බැෂ් තරගාවලියේ මෙල්බන් රෙනගේට්ස් කන්ඩායම සමග ඊයේ පැවැති තරගයෙන් ලකුනු 26ක ජයක් ලැබීමට ඇඩ්ලේඩ් ස්ට‍්‍රයික්ර්ස් කණ්ඩායම සමත් වුනා.

මෙල්බන් ආරාධනයෙන් තරඟයේ පළමුව පන්දුවට පහරදුන් ඇඩිලේඩ් කණ්ඩායම සිය පන්දුවාර 20 තුළ කඩුලු 05ක් දැවී ලකුණු 173ක් රැස් කළා. ලකුණු 174ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි මෙල්බන් රෙනගේට්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 තුළදී කඩුලු 07ක් දැවී රැස් කිරීමට හැකිවුයේ ලකුණු 147ක් පමණයි.

මෙම තරඟයේදී මෙල්බන් කණ්ඩායම නියෝජනය කරන බරහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ඩුවෙයින් බ්‍රාවෝ එල්ල කරන දැවැන්ත පහරක් හතරේ සීමාව ආසන්නයේදී උඩපන්දුවක් බවට පරිවර්ථනය කරගන්නේ පන්දු රකින්නන් දෙදෙනෙකුගේ සහභාගිත්වයෙන්. දඟ පන්දු යවන ක්‍රීඩක රෂිඩ් ඛාන්ගේ පන්දුවකට බ්‍රාවෝ මෙම පහර එල්ල කරන අතර එහිදී හතරේ සීමාව ආසන්නයේ පන්දු රකිමින් සිටි බෙන් ලාහ්ලින් විසින් එය රැක ගන්නා අතර එහිදී ඔහුගේ වේගය පාලනයකර ගැනීමට නොහැකිව හතරේ සීමාව දෙසට ඇදී යනවා.

එම අවස්ථාවේදී බෙන් ලාහ්ලින් නැවතත් පන්දුව ක්‍රීඩා පිටිය දෙසට යොමුකරන අතර එම අවස්ථාවේදී ජේක් වේදරෝඩ් දිවවිත් බෙන් විසින් ක්‍රීඩා පිටියට විසි කරන ලද පන්දුව උඩ පන්දුවක් ලෙස  රැක ගනු ලබනවා. විස්තර විචාරකයින් සහ පිතිකරු පවා විශ්මයට පත්කළ මොවුන් දෙදෙනාගේ මෙම උඩ පන්දු රැකීම පිළිබඳව මේ වන විට බොහෝ දෙනෙකුගේ අවධානයට  යොමුවීම විශේෂත්වයක්. විස්තර විචාරකයින් පවසන්නේ එම උඩපන්දුව මෙවර තරඟාවලිය තුල දැකගැනීමට හැකිවූ විශිෂ්ඨ උඩපන්දු රැකීමක් බවයි.

එම උඩපන්දුව මෙතැනින් 

No comments:

Post a Comment

Post Bottom Ad