ශ්රී ලංකාව, බංග්ලාදේශය සහ සිම්බාබ්වේ අතර බංග්ලදේශයේ ශ්‍රේ බංග්ලා ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තුන්කොන් තරගාවලිය යටතේ අද (23 වැනිදා) සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැති තරගයෙන් අමතර ප‍්‍රසාද ලකුණක් සමගින් ලකුණු 91ක ජයක් හිමිකරගැනීමට බංග්ලාදේශ කන්ඩායම සමත්විය.
ජයග‍්‍රහණය සදහා ලකුනු 217ක ඉලක්කයක් හඹා ගිය සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 36.2කදී සියලු දෙනා දැවී ලබාගත හැකි වුයේ ලකුනු 125ක් පමණි. සිම්බාබ්වේ කණ්ඩායමේ වැඩිම ලකුනු ලාභියා වු සිකන්දර් රාසා එක් හයේ පහරක් හා හතරේ පහර 04ක් සමගින් ලකුණු 39ක් රැස් කළ අතර නායක ග‍්‍රෑම් ක‍්‍රිමර් ලකුණු 23ක් රැස් කර ගත්හ.
අනෙක් කිසිදු පිතිකරුවකුට ලකුණු 15 සීමාව පසුකිරීමට බංගලාදේශ පන්දු යවන්නන් ගෙන් ඉඩ නොලැබුණි. පන්දු යැවීමේදි බංගලාදේශ කණ්ඩායම වෙනුවෙන් යළිත් වරක් දස්කම් දැක්වූ සකීබ් අල් හසන් ලකුණු 34කට කඩුලු 03ක් දවා ගත් අතර මෂ්රීෆ් මොටාසා,මුස්තෆිසුර් රෙහෙමාන් හා සන්සමුල් ඉස්ලාම් අතරේ කඩුලු 02 බැගින් බෙදී ගියහ
පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම ඕවර 50 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 216 ක් රැස්කළේය. මුලු ලකුණු සංඛ්‍යාව 6 ක්ව තිබියදී බංග්ලාදේශ කණ්ඩායමේ පළමු කඩුල්ල බිඳ වැටුණ අතර එතැන් සිට දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 150 කදී ලකුණු 106 ක් සම්බන්ධතාවක් ගොඩනැගූ ටමීම් ඉක්බාල් (76) සහ සකීබ් අල් හසන් (51) බංග්ලාදේශ ලකුණු සංඛ්‍යාව ඉහළ නැංවූහ.
පන්දු 105 කට මුහුණදුන් ටමීම් සිය 41 වැනි අර්ධ ශතකය හතරේ පහර 6 කින් අලංකාර කළ අතර පන්දු 80 කදී වාර්තා වූ සකීබ්ගේ 37 වැනි එක්දින අර්ධ ශතකය හතරේ පහර 6 කින් සමන්විත විය. ඔවුන් දෙදෙනා හැරුණු කොට අන් කිසිඳු බංග්ලාදේශ පිතිකරුවෙක් ලකුණු 20 සීමාව පසුකර යෑමට අපොහොසත් වූ අතර ඔවුන් අතරින් පස් දෙනෙක්ම ලකුණු 10 සම්පූර්ණ කිරීමටත් මත්තෙන් ආපසු ගොස් ක්‍රීඩාගාරයේ අසුන් ගත්හ. සුන්සමුල් ඉස්ලාම් හතරේ පහර 3 ක් සමග ලකුණු 19 ක්ද, මුස්තෆිසුර් රෙහෙමාන් හතරේ පහර 2 ක් සමග නොදැවී ලකුණු 18 ක්ද රැස්කරමින් බංග්ලාදේශ කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 200 සීමාවෙන් ඔබ්බට රැගෙන යෑමට දායක වූහ.
දක්ෂ පන්දු යැවීමක නිතර වූ සිම්බාබ්වේ කණ්ඩායමේ නායක ග්‍රේම් ක්‍රීමර්, ලකුණු 32 කට බංග්ලාදේශ කණ්ඩායමේ ප්‍රබල පිතිකරුවන් සිවුදෙනෙක් දවාගත්තේ නායක මෂ්රෆී මොටාසාගේ කඩුල්ලද සමගිනි. ටමීම් ඉක්බාල්, මුෂ්ෆිකුර් රහීම් සහ මහමදුල්ලා ඔහුගේ පන්දු හමුවේ දැවීගිය සෙසු ක්‍රීඩකයෝ වූහ. බංග්ලාදේශ ඉනිම සුනුවිසුණු කර දැමීම සඳහා ක්‍රීමර්ට අනගි සහායක් දුන් කයිල් ජාවිස් ලකුණු 42 කට කඩුලු 3 ක් දවාගත්තේය.
එම පරාජයත් සමගින් සිම්බාබ්වේ කන්ඩායම ප‍්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ සිට තුන්වැනි ස්ථානය දක්වා පහත බැසීම සිදුවිය. ඒ අනුව ලබන 25 වැනිදා බංගලාදේශ කණ්ඩායම සමග පැවැත්වෙන තරගය ජයගතහොත් ශ‍්‍රී ලංකා කන්ඩායම අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට හැකි වන අතර එම තරගය පරාජයට පත්වූවත් ලකුණු ලබාගැනීමේ දළ වේගය ඉහළින් රදවාගතහොත් අවසන් මහා තරගයට පිවිසීමට අවස්ථාව හිමිවෙයි.
බංග්ලාදේශය – ඕවර 50 කදී කඩුලු 9 කට 216
(ටමීම් ඉක්බාල් 76, සකීබ් අල් හසන් 51, මුෂ්ෆිකුර් රහීම් 18, සුන්සමුල් ඉස්ලාම් 19, මුස්තෆිසුර් රෙහෙමාන් නොදැවී 18, ග්‍රේම් ක්‍රීමර් 32/4, කයිල් ජාවිස් 42/3)
සිම්බාබ්වේ කණ්ඩායම – 36.3කදී සියල්ල දැවී ලකුණු 125
(සිකන්දර් රාසා 39, ග‍්‍රෑම් ක‍්‍රීමර් 23, සකීබ් අල් හසන් 3/34,මුස්තෆිසුර් රෙහෙමාන් 2/16, සන්සමුල් ඉස්ලාම් 2/28,)
Tuesday, January 23, 2018
Home
ක්‍රීඩා පුවත්
බංගලාදේශය තුන්කොන් තරගාවලියේ ශ්‍රි ලංකා බලාපොරොත්තු දල්වයි..අවසන් තරගයට පිවිසීමට නම් සිංහ පිළ කළ යුතු දේ මෙන්න
බංගලාදේශය තුන්කොන් තරගාවලියේ ශ්‍රි ලංකා බලාපොරොත්තු දල්වයි..අවසන් තරගයට පිවිසීමට නම් සිංහ පිළ කළ යුතු දේ මෙන්න
Tags
# ක්‍රීඩා පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ක්‍රීඩා පුවත්
Labels:
ක්‍රීඩා පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment