10 වැනිදා පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් බුද්ධි අංශ විසින් කරන ලද රහසිගත සමීක්‍ෂණ වාර්තාවක් ආණ්ඩුවේ ඉහලම බලධාරීන් අතට පත්වීමත් සමග ඔවුන් මහත් කලබලයට පත්ව ඇති බව වාර්තා වෙයි.
රාජ්‍ය බුද්දි අංශ විසින් රට පුරා විශේෂ නියැදීන් ගණනාවක විශාල ජන කොට්ඨාශයක් ආවරණය වන ලෙස සිදු කර ඇති මෙම සමීක්‍ෂණයේදී හෙලිව ඇත්තේ මහින්ද රාජපක්‍ෂ මහතා නායකත්වය දෙන ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ 50%ක ඡන්ද පදනමට ඉතා ආසන්නයේ වන බවත් එය මෙවර මැතිවරණයේ පක්‍ෂයක් විසින් ලබා ගන්නා ඉහලම ඡන්ද ප‍්‍රතිශතය වනු ඇති බවත්ය.
ආණ්ඩුවේ ප‍්‍රධානතම පාර්ශවකරුවන් දෙදෙනා වන එක්සත් ජාතික පක්‍ෂය හා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය යන පක්‍ෂ දෙකම එක්ව ලබා ගන්නේ 40% ආසන්නයේ වන ඡන්ද ප‍්‍රතිශතයක් බවත් ඉන් එක් පාර්ශවයක ඡන්ද ප‍්‍රතිශතය 7-8% මට්ටමේ පවතින්නේ යයිද හෙලිව ඇත. මැතිවරණය පැවැත්වෙන්නේ කොට්ඨාශ මට්ටමින් නිසා පොදුජන පෙරමුණ විසින් ඉතා පහසුවෙන් රට පුරා පළාත් පාලන ආයතන 200 ඉක්මවා බලය තහවුරු කරගනු ඇති බවද එම වාර්තාව විසින් පෙන්වා දී ඇත.
මේ තත්වය මත ප‍්‍රධාන පක්‍ෂ දෙකක විසින් තීරණය කර ඇත්තේ අද දිනයේ සිට තමන් අතර වන ගැටුම අවම කර මහින්ද රාජපක්‍ෂ මහතා හා පොදුජන පෙරමුණ ඉලක්ක කරමින් දැඩි විවේචන ඉදිරිපත් කිරීමටයි.
Tuesday, January 23, 2018
Home
දේශපාලන පුවත්
Exclusive : මැතිවරණ ප‍්‍රතිඵලය ගැන බුද්ධි වාර්තාව එයි.. රට පුරාම පොහොට්ටු පිිපෙයිලු.. මහින්දට එරෙහි ප‍්‍රහාර අද සිට දැඩි කෙරේ…
Exclusive : මැතිවරණ ප‍්‍රතිඵලය ගැන බුද්ධි වාර්තාව එයි.. රට පුරාම පොහොට්ටු පිිපෙයිලු.. මහින්දට එරෙහි ප‍්‍රහාර අද සිට දැඩි කෙරේ…
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment