වැඩබැරි ශ‍්‍රීලනිපය එලවා දමා සම්බන්ධන් හෝ හකීම් සමග නව ආණ්ඩුවක් හදන බව එජාපය කියයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, January 23, 2018

වැඩබැරි ශ‍්‍රීලනිපය එලවා දමා සම්බන්ධන් හෝ හකීම් සමග නව ආණ්ඩුවක් හදන බව එජාපය කියයි..

පෙබරවාරි 10 වැනි දින පැවැත්වෙන පලාත් පාලන මැතිවරණයෙන් පසු තව දුරටත් හවුල් ආණ්ඩුවේ ඉන්නේද නැද්ද යන්න තීරණය කරන බව එජාප රාජ්‍ය ඇමති වසන්ත සේනානායක මහතා පවසයි.

දෙමළ ජාතික සන්ධානය හා ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය සමග ආණ්ඩුවක් පිහිටුවීමේ හැකියාව සම්බන්ධයෙන්ද මේ දිනවල සලකා බලමින් සිටින බවද ඔහු සදහන් කරයි.

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමග තව දුරතේ ආණ්ඩු කල හැකිදැයි මෙම මැතිවරණයෙන් පසු තීරණය කරන බවත් වැඩ බැරිනම් ශ‍්‍රීලනිපයද එලියට දමා නව ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු කරන බවත් ඇමතිවරයා කියයි. ඔහු මෙම අදහස් පල කලේ දිඹුලාගල ප‍්‍රදේශයේ පැවති එජාප ජනහමුවකදීය.

No comments:

Post a Comment

Post Bottom Ad