‘ක‍්‍රිකට් ලෝකයේ අනතුරුදායකතම කණ්ඩායම ලංකාවයි’..තමීම් අනතුරු අගවයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, January 1, 2018

‘ක‍්‍රිකට් ලෝකයේ අනතුරුදායකතම කණ්ඩායම ලංකාවයි’..තමීම් අනතුරු අගවයි

2018 නව වසර ආරම්භ වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට තවත් අභියෝගාත්මක තුන්කොන් තරඟාවලියක ආරම්භය සමඟිනි.සිම්බාබ්වේ කණ්ඩායම සහ බංගලාදේශය ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදීන් වෙද්දී බංගලාදේශයේ තරඟාවලිය පැවැත්වීම නිසා ශ්‍රී ලංකාවට තවත් අභියෝගයක් ඇත. තරඟාවලිය පිළිබඳව මේ වනවිටත් මාද්‍ය මගින් ක්‍රීඩකයන් තම අදහස් පලකිරීම ආරම්භ කර ඇති අතර,මේ අතරින් සත්කාරක බංගලාදේශ ක්‍රීඩකයන් ප්‍රමුඛ තැනක් ගනී.

බංගලාදේශ ප්‍රබල ක්‍රීඩකයන් වූ ෂකීබ් අල් හසන් සහ සෞම්‍යා සාකර් මෙම තරඟාවලිය පිළිබඳව අදහස් දක්වමින් කියා තිබුනේ මෙම තරඟාවලියේ ශ්‍රී ලංකාව පරාජය කල හැකි බවත් ශ්‍රී ලංකාව දුර්වල කණ්ඩායමක් නිසා පුහුණුකරු වෙනස් වුවද ශ්‍රී ලංකා කණ්ඩායමෙන් තර්ජනයක් වනු ඇතැයි අපේක්ෂා නොකරන බවද මෙම ක්‍රීඩකයන් අදහස් පළකර තිබිණි. මීට වඩා වෙනස් අදහසක් දක්වන බංගලාදේශ ආරම්භක පිතිකරු සහ කණ්ඩායමේ සිටින ප්‍රබලම පිතිකරුවා වන තමීම් ඉක්බාල් පවසන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම ඉතාම අනතුරුදයකම කණ්ඩායම බවය.කෙසේ නමුත් තම රටේ ක්‍රීඩා කිරීමේ වාසිය තම කණ්ඩායමට ඇති බවද ඔහු පවසා ඇත.



“අපි තුන්කොන් තරඟාවලි වලට වැඩිය ක්‍රීඩා කරලා නෑ.අන්තිමට 2009 තමයි අපි අවසන් තරඟයකට ඇවිත් තියෙන්නෙත්,ඉතින් මම හිතන්නේ මේක හොඳ අවස්ථාවක් අපිට.ප්‍රතිවාදීන් ගේ හැකියා වගේම දුර්වලතා ගැනත් අපි හොඳ අවබෝධයකින් ඉන්නේ.ඒ නිසා තරඟාවලිය හොඳ සටනක් තියෙයි කියල හිතෙනවා.”

“මේ තරඟාවලියට කලින් අපි අපි ලොකු සුදානමක් වෙනවා,ඉතින් අපිට මේ තරඟාවලියේ හොඳ දෙයක් කරලා අලුත් අව්රුද්ද පටන් ගන්න ලැබෙයි කියල තමයි අපේක්ෂා කරන්නේ.”

තම ප්‍රතිවාදීන් ගැන ගෞරවයෙන් කතා කරන මෙම ප්‍රවීණ පිතිකරුවා පවසන්නේ තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම මෙන්ම සිම්බාබ්වේ කණ්ඩායමද තර්ජන එල්ල කරනු ඇති බවය.

“ශ්‍රී ලංකා කණ්ඩායම කියන්නේ ක්‍රිකට් ලෝකයේ අනතුරුදයකම කණ්ඩායම,ඒ වගේම තමයි සිම්බාබ්වේ කණ්ඩායම ඔවුන්ගේ දවසේදී ඕනෑම කණ්ඩායම පරාජය කරන හැකියාව තියන කණ්ඩායමක් ඉතින් අපිට තියන ලොකුම වාසිය තමයි තරඟාවලිය අපේ රටේ අපේ ප්‍රේක්ෂකයන් ඉස්සරහ තියන එක.පහුගිය කාලේ අපි අපේ රටේදී හොඳට කරලා තියනවා.ඉතින් ඒ වගේ මේ තරඟාවලියත් හොඳටම කරන්න තමයි බලාපොරොත්තුව තියෙන්නේ.”

2014 වසරේ සිට බංගලාදේශයේ ක්‍රීඩා කල එක්දින තරඟාවලි 7 කින් තරඟාවලි 6 ක් ම බංගලාදේශය ජයගෙන තිබෙන අතර මෙම තරඟාවලියේ බංගලාදේශයට තම සාර්ථකම පුහුණුකරු චන්දික හතුරුසිංහ අහිමි වීම පාඩුවක් වනු ඇතිද යන්න අපට ඉදිරියේ බලාගත හැක.

No comments:

Post a Comment

Post Bottom Ad