සුරාබදු සහකාර කොමසාරිස්ගේ නිවසට බෝම්බ ප්‍රහාරයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, January 2, 2018

සුරාබදු සහකාර කොමසාරිස්ගේ නිවසට බෝම්බ ප්‍රහාරයක්

සුරාබදු දෙපාර්තමේන්තුවේ වයඹ පළාත් සහකාර කොමසාරිස් ලෙස්ලි ජයන්ත රණවීරගේ නිවසට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

අද අලූයම 01ට පමණ පන්නල – මාකඳුර ප්‍රදේශයේ පිහිටි ඔහුගේ් දෙමහල් නිවසට මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවයි පන්නල පොලීසිය ප්‍රකාශ කළේ.
එම අවස්ථාවේ සහකාර කොමසාරිස්වරයා නිවසේ ඉහළ මහලේ නිදා සිටි බව සදහන්. අත්බෝම්බය නිවසේ එක් පසෙක පිහිටා ඇති ගරාජයට වැටී පුපුරා ගොස් තිබෙනවා.
ඉන් එහි නවතා තිබූ බස් රථයකට හානි සිදුව ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ. සිද්ධියෙන් සුරාබදු දෙපාර්තමේන්තුවේ වයඹ පළාත් සහකාර කොමසාරිස්වරයාට හෝ වෙනත් කිසිවෙකුට හානියක් සිදුව නැහැ.

No comments:

Post a Comment

Post Bottom Ad