තාත්තාගේ ගීත පාවිච්චි කරල මුදල් හම්බකරන්න එපා කියල නීතීඥයෙක්ගේ මාර්ගයෙන් මටයි මල්ලිටයි එන්තරවාසියක් එවලා තියෙනවා. දැන් තාත්තාව මෙහෙයවන්නේ තාත්තා ලඟ ඉන්න ගැහැනු කෙනා .ඒ නිසා තාත්තා අසරණ වෙලා තියෙනවා.
මේ එන්තරවාසිය සම්බන්ධයෙන් මොන වගේ ක්‍රියාමාර්ගයක් ද ගන්න ඉන්නේ?
මේ එවපු ලිපිය ගැන මම තාත්තාගේ සමීපයේ ඉන්න විද්වත් කිහිපදෙනෙක්ට කිව්වා. ඒ අයගෙන් මම ඇහුවා දැන් මම මොකද කරන්නේ කියලා. ඒ අය හැමෝම කිව්වා , තාත්තාගේ ගීත කියන එක නවත්වන්න එපා. තාත්තාට නඩු දාන්න කියන්න කියලා. නඩු දැම්මට පස්සේ තාත්තා කොයි වගේ කෙනෙක් ද කියලා මිනිස්සු තේරුම් ගනීයි කිව්වා. මමත් දැන් ඉන්නේ තාත්තා නඩු දානකල්. මම බලෙන් එයාගේ සිංදු කිය කිය යන්නේ නෑ. හැබැයි අවශ්‍ය උනොත් මම තාත්තාගේ ගීත නොකිය ඉන්නෙත් නෑ.
තාත්තගේ ගීත මගේ ජීවිකාව කරගෙන නැහැ. අපි එහෙම කරන්න හිතල නැහැ. නමුත් තාත්තා විවාහ කරගත්ත ගැහැණු කෙනාගේ හිතේ ඇති ඒ දේවල් අයිති කරගන්න. එයා ආවෙත් තාත්තාගේ දේවල් කඩාවඩා ගන්න නේ. තාත්තාගේ ගීත වලින් තව ගාණක් හොයාගන්න පුළුවන් කියලා එයා තමයි ඔය සැලසුම් ක්‍රියාත්මක කරන්නේ.
එන්තරවාසිය සම්බන්ධයෙන් තාත්තාගෙන් අහල බැලුවේ නැද්ද?
මේ අවුරුද්දේ මාර්තු 01 වැනිදා තාත්තා අපිට කිව්වේ – උඹලගෙයි මගෙයි සියලු සම්බන්ධකම් ඉවරයි. මගේ මරණයටවත් එන්න එපා .උඹලා ඉන්න වේදිකාවකවත් සිංදු කියන්නේ නෑ – කියලා. මම තාත්තාගේ ප්‍රසංග සංගීතවත් කරල තමයි ප්‍රධානව කීයක් හරි හම්බ කළේ. මාස දහයක් තිස්සේ මට තාත්තාගේ ප්‍රසංගවලට සම්බන්ධ වෙන්න බැරිවුණා. දැන් තාත්තා නිසා මගේ ජීවනෝපාය නැතිවෙලා තියෙනවා. තාත්තා කෙනෙක් මොන තරහක් තිබ්බත් ඔය වගේ දේවල් කරන්නේ නැහැ.
තාත්තාව මුණ ගැහිලා මේ ප්‍රශ්න නිරාකරණය කර ගත්තොත් හොදයි නේද?
තාත්තානේ අපිට කතා කරලා මීට පස්සේ සම්බන්ධකම් නැහැ කියලා කිව්වේ. එයා කාගේ හරි කීමකට හරි අපිට එහෙම කිව්වනේ. අපිටත් කොන්දක් තියෙනවා – අනේ තාත්තේ අපිට මෙහෙම කරන්න එපා – කියලා පිණ්සෙණ්ඩු වෙන්න මම නම් යන්නේ නැහැ. තාත්තාට තිබුණු කොන්ද අපිටත් තවම තියෙනවා. හැම දෙයක්ම අයිති කරගෙන අපි එකතු වෙලා වැඩ කරමු කියලා , අපි ගැන දුකක්වත් ඇති වෙලා තාත්තා කිව්වොත් අපි එකඟයි. නමුත් මේ ලඟදී තාත්තාගේ මිත්‍රයෙක් වුණ සරත් සේනාරත්න තාත්තාට ගිහින් අපිට ඇතිවෙලා තියෙන ප්රශ්නය කියලා තිබ්බා. ඒ වෙලාවේ තාත්තා කිව්වලු හොද වැඩේ ඔවුන්ට ඔහොම වෙලා මදි කියලා.
තාත්තා එකතු වෙලා වැඩ කරමු කිව්වොත් සියලු ප්‍රශ්න අමතක කරනවාද?
ප්‍රසංගවලට සම්බන්ධ වෙලා කීයක් හරි හොයා ගන්න ඉඩ දුන්නොත් ලොකු පිනක්. හැබැයි ඒ ගැහැනු කෙනා අපේ පවුලේ කෙනෙක් කියලා මම පිළිගන්නේ නැහැ. කොහොමත් අපි එයාව ප්‍රතික්ෂේප කරනවා. අපි එකට වැඩ කරමු කියලා කතා කළොත් අපි තාත්තාට පිටු පාන්නේ නැහැ.
තාත්තාගේ ගෙදර තිබ්බ අපි පොඩිකාලේ ගත්ත පින්තූර, අම්මා,තාත්තා,අපි ඉන්න ඡායාරූප , අපේ වෙඩින් ෆොටෝ , අපේ දරුවන්ගේ ෆොටෝ රාක්කයක් තිබ්බා. තාත්තාගේ ගෙදර තිබ්බ අපේ ඡායාරූප කුණු මල්ලක දාලා නගර සභාවේ කුණු ලොරියකට දාල තියෙනවා. මගේ මියගිය නංගිගේ සැමියාට නගර සභාවේ අය ඒ ඡායාරූප ටික ගිහින් දීලා තිබුණා.
මීට කලින් ගීතවල අයිතිය ඔබට පවරලා තිබුණ නේද?
2013 දී තාත්තා ඒක මට ලිව්වා. තාත්තාගේ ගීතත් , තාත්තා වෙන අයට නිර්මාණය කළ ගීත සම්බන්ධ අයිතියත් මට පැවරුවා. නමුත් ඒක අයින් කරගන්න නම් තාත්තා ඔප්පු කරලා පෙන්නන්න ඕනි ළමයි එයාට සැලකුවේ නැහැ කියලා. නමුත් තාත්තාට එහෙම පෙන්වන්න බැහැ.
ඒ ඇයි?
මොකද තාත්තාගේ 75 වැනි උපන්දිනය වෙනුවෙන් තිබ්බ ප්‍රසංගය සංගීතවත් කළෙත් මම. 75 වන උපන්දින වෙනුවෙන් පවත්වපු දේවල් ගැන සාකච්ඡා කලේ මගේ නංගිගේ ගෙදර. මල්ලිත් ඒකට උදව් කළා.
හැබැයි දරුවෝ වික්ටර් රත්නායක මහත්මයාට සැලකුවේ නෑ කියලත් කතාවක් පැතිරෙනවා?
ඔව්.ඒහෙම රාවයක් ගිහින් තියෙනවා. අපි තාත්තාට සැලකුවේ නැහැ කියන්නේ අමූලික බොරුවක්. තාත්තාව ලඟින් ඇසුරු කළ බොහෝ දෙනෙක් දන්නවා අපි තාත්තාට සලකපු විදිය. අපි වැරැද්දකට කළේ තාත්තා විවාහ කරගත්ත ගැහැණු කෙනාට විරුද්ධ වීම විතරයි.
වික්ටර් රත්නායක මහත්මයා පුතාලට හොදට සැලකුවා කියල තමයි හැමෝම කියන්නේ?
මම දැන් ඉන්නේ මාළඹේ ගෙයක් හදාගෙන. ඔක්කොම වගේ මගේ බිරියගේ තාත්තාගෙන් ලැබුණු දේවල්. මගේ තාත්තාගෙන් ඒ දේවල් ලැබුණේ නැහැ. මගේ මල්ලිට කෝටි දෙකක් වටිනා මහගෙදර ලැබුණා. මට එහෙම දෙයක් ලැබුණේ නැහැ තාත්තාගෙන්. සීයයි , ආච්චීයි දැන් ගොඩක් කාලෙකට කලින් දීපු ගෙයක් විකුණලා මගේ වෙඩින් එකට ගිය ගාණ තාත්තා කපාගෙන ලක්ෂ අටක් විතර මට දුන්නා. ඒ කාලේ ආදර පූජාසනේ කියලා සීඩී එකක් තාත්තා මුදල් වියදම් කරලා කළා. වෙන තාත්තලා තමුන්ගේ දරුවන්ට ස්ථාවරයක් හදලා දෙනවා. ඒත් අපේ තාත්තා එහෙම ලොකු දෙයක් කළේ නැහැ. එහෙම කලේ නැහැ කියලා ප්‍රශ්නෙකුත් නැහැ.
හැබැයි තාත්තා එක්ක එකතු වෙලා ප්‍රසංග වලට සම්බන්ධ වෙලා හොද පසුබිමක් හදාගන්න ලැබුණා නේද?
තාත්තාගේ ප්‍රසංගවලට අපි සම්බන්ධ වෙලා උදව් කළා මිසක් අපේ ප්‍රසංගවලට තාත්තා උදව් කළේ නැහැ. එයාගේ වැඩ ගොඩදාගන්න අපි ගොඩක් උදව් කළා. රෝහණ වීරසිංහ මහත්මයා මේ ලඟදී මට හම්බවෙලා පැත්තකට කතා කරලා – පුතේ තාත්තාගේ 76 වෙනි උපන් දින ප්‍රසංගයේ සංගීත කටයුතු මට භාරදුන්නා.ඒක මම කළාට පුතා තරහා වෙන්නේ නැහැ නේද?- කියලා ඇහුවා. ඒ අයත් දන්නවා තාත්තා ගත්ත තීරණය වැරදීයි කියලා.
දැන් ජයන්ත ජීවනෝපාය සලසා ගන්නේ කොහොමද?
බිරියගේ තා්තතාගෙන් ලැබුණ ගේ මම ලබන සතියේ විකුණනවා. මම මගේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ගැන බලන්න ඕනි. මගේ දුවයි පුතයි දෙන්නම උසස් අධ්‍යාපනය ලබනවා. එයාල කැමති පැති වලින් ඉදිරියට යවන්න මම උපරිම උත්සහ කරනවා. ඒ නිසා අපි ඉඩම විකුණලා ළමයින්ගේ අධ්‍යාපනයට අවශ්‍ය මුදල් ටික වෙන් කරලා ඉතිරි මුදලක් තිබ්බොත් බැංකුවකට දාල ඒකෙන් එන මුදලකින් කුලියට ජීවත් වෙන්න ගෙයක් ගන්න තමයි කල්පනාව.
වෙනත් වැඩවලට සම්බන්ධ වෙන්නත් බැරිද?
මට ඉස්සරහට වැඩ ලැබෙයිද නැද්ද කියලා විශ්වාසයක් නැහැ. මොකද අද තියෙන්නේ මහ මෝඩ සමාජයක්.වික්ටර් රත්නායක ඕනි වැරදි දෙයක් කළාට ප්‍රශ්නයක් නැහැ. ළමයි සලකන්නේ නැති නිසා තාත්තා විවාහයක් කරගත්තා කියලානේ කතාව ගිහින් තියෙන්නේ. ඒ කතා බොරු උනත් එහෙම කතා යන නිසා සමහරු අපිට වැඩ දෙන්නේ නැහැ. අපේ වැඩවලට අනුග්‍රහය දෙන්න කවුරුවත් කැමති නැහැ.වික්ටර්ට සලකපු නැති පුතාල කියලා තමයි එහෙම කරන්නේ.
………………………….harigossip.com ඇසුරෙනි……………………

No comments:
Post a Comment