" ඇත් ඝාතකයා අකුණක් වැදී මිය යයි , සොහොනටත් හෙණ ගහලා " වෙඩි තබා ඇතුන් මැරු පුද්ගලයාට අත්වූ ඉරණම .! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, January 9, 2018

" ඇත් ඝාතකයා අකුණක් වැදී මිය යයි , සොහොනටත් හෙණ ගහලා " වෙඩි තබා ඇතුන් මැරු පුද්ගලයාට අත්වූ ඉරණම .!

ඇත්දළ ජාවාරම්කරුවන් විසින් සාහසික ලෙස ඝාතනය කළ ගල්ගමුවේ දළ පූට්ටුවා හස්ති රාජයාට පිං පිණිස ගල්ගමුව ප්‍රදේශවාසීන් විසින් ආගමික වැඩසටහන් මාලාවක් සංවිධානය කොට තිබිණ. මේ අතර එම ඇතා වැඩිපුරම ගැවසුණු සියඹලංගමුව වැව් ඉස්මත්තේද මෙවැනිම ආගමික කටයුතු රැසක්ම පැවැත්විණි.

මේ අතර එම සද්දන්තයාට සිදු කළ අපරාධය මුල් කොට එම වැව් ඉස්මත්තේ පිහිටි පෞරාණික පළු ගස් සෙවණේදී දේව කන්නලව්වක් ද සිදු කරන ලදී. මෙම ආගමික වැඩසටහන් හා බැදුණු , අලි ඇතුන් මරා දැමූ පුද්ගලයන්ට ලැබුණු අපූරු දඩුවම් පිළිබදව ඉතිහාස‍යේ දැක්වේ.



ඒ සම්බන්ධයෙන් මෑත ඉතිහාසයෙන් උපුටා ගත හැකි හොඳම සිදුවීම ඉංග්‍රීසි යටත් විජිත සමයේ මෙරට උප දිසාපතිවරයෙකු ලෙස කටයුතු කළ මේජර් තෝමස් විලියම් රොජර්ස්ගේ අකල් මරණයයි. 

ඉංජිනේරුවරයෙක් වූ තෝමස් විලියම් රොජර්ස් ශ්‍රී ලංකාවට පැමිණෙනුයේ 1824 වසරේය. එවකට ඔහුගේ වයස අවුරුදු විස්සකැයි කියනු ලැබේ. එවකට කොළඹ නුවර මහා මාර්ගය ඉදිවෙමින් පැවැති අතර රොජර්ස් එම ඉදිකිරීම් භාර ප්‍රධාන ඉංජිනේරු මේජර් තෝමස් ස්කිනර්ගේ හොඳම සහායකයා ලෙස ක්‍රියාකර ඇත. උඩරට මාර්ග පද්ධතිය පුළුල් කිරීමේ ක්‍රියාන්විතයට දුන් දායකත්වය නිසා 1944 වසරේ දී රොජර්ස් බදුල්ල සහකාර දිසාපති සහ දිසා විනිසුරු ලෙසද පත් කර තිබේ.

මේ කාලයේ ශ්‍රී ලංකාව පාලනය කළ ඉංග්‍රීසි නිලධාරීන්ට විවිධ විනෝදාංශ තිබූ අතර රොජර්ස්ගේ ප්‍රියතම විනෝදාංශය වූයේ අලි ඇතුන් දඩයම් කිරීමය. අලි ඇතුන් ගැවසෙන වනපෙත් වලට ගොස් තමන් ඉදිරියට පැමිණෙන අලියකු හෝ ඇතෙකු ඉලක්ක කොට කුම්බස් තලයට වෙඩි තබා එම හස්තියා තමන් ඉදිරියේ ඇද වැටෙනු බලා සතුටුවීම ඔහුගේ විනෝදාංශය විය. ඒ අනුව ඔහු විසින් ඝාතනය කරන ලද අලි ඇතුන්ගේ සංඛ්‍යාව එක්දහස් හාරසියයක් පමණ වෙතැයි වාර්තාවල සඳහන් වෙයි. 

මේ අතර හම්බන්තොට දී රොජර්ස් වෙතින් වෙඩි පහරක් කා වියරු වැටුණු අලියකු මරු විකල්ලෙන් විත් රොජර්ස්ට පහර දීම මත ඔහුගේ දකුණු අත දෙපළකින් කැඩී ඉළඇට කීපයකට ද තුවාල සිදුවිය. ඒ සමගම අලියාද එතැනම වැටී මිය ගිය අතර ඉන්පසු රොජර්ස් ආබාධිතයකු වූ බව සදහන්.

මෙම සිදුවීමෙන් පසු රොජර්ස් අලි ඇතුන් දඩයම මුළුමනින් නතර කොට දැමූ බව සඳහන් වන අතර ඉන් වසරකට පසු ඔහු හදිසියේ මියගොස් තිබේ. ඒ හපුත‍ලේ තානායමේ ආලින්දයේ සිටියදී අකුණු පහරක් වැදීමෙනි. ‍රෝජර්ස්ගේ මරණයෙන්  පසු නුවරඑළිය ග්‍රේගරි වැව ආසන්නයේ පිහිටි දේවස්ථාන භූමියේ ඔහුගේ සිරුර මිහිදන් කොට ඇති අතර ඉන්පසු නිරන්තරයෙන්ම ඔහුගේ සොහොන් ගැබ වෙත අකුණු පතිත වන බවද කියනු ලැබේ.




 -මුද්‍රිත මාධ්‍ය වාර්තා ඇසුරිනි-

No comments:

Post a Comment

Post Bottom Ad