මහින්ද අත්සන් කල නදීකාගේ විවාහයත් අවසන් - සැමියා වෙන කසාදයකුත් කරගෙනලු... - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, January 23, 2018

මහින්ද අත්සන් කල නදීකාගේ විවාහයත් අවසන් - සැමියා වෙන කසාදයකුත් කරගෙනලු...


ප්‍රකට රංගන ශිල්පිනි නදීකා චන්ද්‍රසේකර ගේ විවාහය  2013 දී සිදු කළේ අරලියගහ මන්දිරයේදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ඉදිරියේදීය. නමුත් වසර 5 ක් ඇවෑමෙන් පෙරේදා  (17) කඩුවෙල මහෙස්ත්‍රාත්වරයා ඉදිරියේ නදී පෙනී සිටියේ සැමියා තමන්ට විවාහ වංචාවක් කළ බව දක්වමිනි.

යසන්ත පුෂ්පකුමාර සමරවීර නමැති නදීගේ සැමියා මීට පෙර නුවර ප්‍රදේශයේ විවාහ වු අයෙකු බවත් ඔහු ඒ බව නදිකාගෙන් වසන් කර ඇයව විවාහ කරගෙන ඇති බවත් එම නඩුවේදී කියැවිණි.

කඩුවෙල මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඉදිරියේ විභාගයට ගත් මෙම නඩුවේදී සැමියාගේ අනාචාර ක්‍රියා සම්බන්ධයෙන් තොරතුරු අරංචි වූ බවත් නඩත්තු නඩුවක් ගොනුකර  ඇති බවත් පැවසිණි.

විත්තිකරු වන යසන්තද  උසාවියේ පෙනී සිටි අතර නඩුව පෙබරවාරි මසට කල් තබා තිබේ. නදීකා චන්ද්‍රසේකර වෙනුවෙන් දසුන් නාගස්හේන නීතිඥ මහතා පෙනී සිටියේය.

ජනපති මන්දිරයේ විවාහ ගිවිසගැනීමෙන් පසු විශාල මුදලක් වැයකර කලා ශිල්පීන් හමුවේ හෝටලයක උත්සව සාදයක්ද 2013 වසරේ පැවති අතර එම අවස්ථාවේ ඡායාරූප ඇතුළත් වීඩියෝව පහතින්

No comments:

Post a Comment

Post Bottom Ad